Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පහළ යාන්ඔය ජලාශය ඉදිකිරීමේ දී ඉඩම් අහිමි වූ ජනතාවට වන්දි ගෙවීම් අඛණ්ඩව  

Add comments

පහළ යාන්ඔය ජලාශය ඉදිකිරීමේ දී ඉඩම් අහිමි වූ ජනතාවට වන්දි ගෙවීම් අඛණ්ඩව සිදුවනවා. එය මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බවයි ව්‍යාපෘතිභාර නිලධාරීන් පවසන්නේ.

යාන ඔය ජලාශය මෙරට ඉදිවූ සිව්වන විශාලතම ජලාශය ලෙසයි සැලකෙන්නේ. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී අවත්නැ වූ පවුල් සදහා වන්දි මුදල් ලබාදීමට රජය කටයුතු සම්පාදනය කළා. එය අදියර කිහිපයක් ඔස්සේ ක්‍රියාවට නැංවුණ අතර මේ වනවිට පවුල් 747 ක් සඳහා වන්දි වශයෙන් රුපියල් අසූකෝටි හැටහයලක්ෂ විසිදහස් දෙසිය හැටහතක මුදලක් ගෙවා තිබෙනවා. තවත් පවුල් 248 ක් සදහා වන්දි ලබාදීමට නියමිත අතර ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිටත් සම්පාදනය කර අවසන්. වන්දි මුදල් ලබාදීම් කඩිනමින් අවසන් කිරීම රජයේ අරමුණ බවයි යාන්ඔය ව්‍යාපෘති භාර නිලධාරීන් පවසන්නේ.

 

 

 

The post පහළ යාන්ඔය ජලාශය ඉදිකිරීමේ දී ඉඩම් අහිමි වූ ජනතාවට වන්දි ගෙවීම් අඛණ්ඩව appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG