Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බි‍්‍රතාන්‍ය අගමැති යළි පරදී  

Add comments

බි‍්‍රතාන්‍ය දේශපාලන අර්බුදය තවත් උත්සන්න වුණා. ඒ කඩිනම් මැතිවරණයක් සඳහා අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඉදිරිපත් කළ යෝජනාව පාර්ලිමේන්තුවේ දී පරාජයට පත්වීම හේතුවෙන්.

නියමිත කාලයට පෙර මැතිවරණය පැවැත්වීම සඳහා මහජන නියෝජිතයන් 434කගේ් සහයෝගය අවශ්‍ය බවයි බි‍්‍රතාන්‍ය වාර්තා සඳහන් කළේ. එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක්. කෙසේ වෙතත් යෝජනාවට පක්ෂ වී ඇත්තේ මහජන නියෝජිතයන් 298 දෙනෙක් පමණයි. 56 දෙනෙක් ඊට විපක්ෂ වුණා.

ප‍්‍රධාන විපක්ෂ කණ්ඩායම පාර්ලිමේන්තුවට ඡන්දය ප‍්‍රකාශ කිරිමෙන් වැළකී සිටියා. ගිවිසුමකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත්වීම සඳහා අග‍්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව ද පරාජයට පත්වුණා.

The post බි‍්‍රතාන්‍ය අගමැති යළි පරදී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG