Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සාමය වෙනුවෙන් සියලු දෙනාගේ කැපවීම රටේ අවශ්‍යතාව බව ජනපති පවසයි  

Add comments

දුගීබව තුරන්කර සාමය උදාකර ගැනීමට සියලු දෙනා එක්ව කැපවීම අද රටේ අවශ්‍යතාව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ අදහස් පළකළේ බෝරාවරුන්ගේ ගෝලීය සමුළුවට සුභාශිංසන එක්කරමින්.

බෝරාවරුන්ගේ ගෝලීය සමුළුව පසුගියදා බම්බලපිටිය වෙරළ මාවතේ බෝරා මස්ජිද් ප්‍රධාන පල්ලිය කේන්ද්‍රකර ගනිමින් ආරම්භ කෙරුණා. දින දහයක් පුරා පැවැත්වෙන සමුළුවේ සිව්වන දිනය වන අද සමුළු ශාලාව වෙත ගිය ජනාධිපතිතුමා ඔවුන් වෙත සිය සුභාශිංසන පිරිනැමුවා. එහිදී ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ සාමයට කැපවූ ප්‍රජාවක් වන බෝරාවරුන්ගේ මෙම සමුළුව මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වීම රටට ගෞරවයක් බවයි. අපට ශ්‍රී ලංකාව විශ්වාසයි යන තේමාව යතේ රටවල් 40 ක බෝරා මුස්ලිම්වරුන් විසිඑක්දහසක සහභාගීත්වයෙන් මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙනවා. විදේශ රටවල බෝරාවරුන් දහඅටදහස් පන්සියයක් පමණ ඊට එක්ව සිටින අතර ලාංකීය බෝරාවරුන් දෙදහස් පන්සියයක් මෙම සමුළුවට සහභාගි වනවා.

සමුළුවට සහභාගි වන මෙම බෝරාවරුන්ගේ අරමුණ සියලු ජන කොටස් හා ආගමිකයන් අතර සාමය සහ විශ්වාසය ගොඩනංවමින් රට තුළ ගෙනයන වැඩපිළිවෙළට ශක්තියක් ලබාදීමයි. අන්තවාදය බැහැරකර සාමයට කැපවූ බෝරාවරුන්ගේ මෙම සමුළුව තුළින් ශ්‍රී ලංකාව සංචාරයට සහ වෙළෙදාමට සුදුසු රටක් බව කියාපෑමද තවත් අරමුණක්. ඩොලර් මිලියන 31 ක විනිමයක් මෙම සමුළුව මගින් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි ගණන් බලා තිබෙනවා. මෙවැනි සමුළුවක් මීට පෙර 2007 වසරේදී පැවැත්වුණු අතර ඊට සහභාගිවූ පිරිස හත්දහසක්.

 

 

The post සාමය වෙනුවෙන් සියලු දෙනාගේ කැපවීම රටේ අවශ්‍යතාව බව ජනපති පවසයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG