Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මල්වතු ඔය හරහා ඉදිකර ඇති ඓතිහාසික වැල් පාලම ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව ප්‍රදේශවාසීන් පෙන්වාදෙයි  

Add comments

මන්නාරම පුංචිකුලම ගම්මානයේ මල්වතු ඔය හරහා ඉදිකර ඇති ඓතිහාසික වැල් පාලම ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව ප්‍රදේශවාසින් පෙන්වා දෙනවා. මඩු දේවස්ථානයට පැමිණෙන බැතිමතුන් බොහෝ දෙනෙකු මෙම වැල්පාලම දැක බලා ගැනීමට පැමිණෙන බැවින් එය සංචාරක ආකර්ෂණය සහිත ස්ථානයක් ද වනවා.

මැදවච්චිය මන්නාරම ප්‍රධාන මාර්ගයේ මඩු දේවස්ථානයට හැරෙන හන්දියේ සිට කිලෝමීටර් එකහමාරක් මැදවච්චිය දෙසට ගොස් පුංචිකුලම හන්දියෙන් වමට හැරී තවත් කිලෝමීටර් එකහමාරක් පමණ ගිය විටයි මෙම වැල්පාලම හමුවන්නේ. ඉංග්‍රීසි පාලන සමයේ 1930 දී මෙය ඉදිකළ බව සඳහන්. මීටර් 100 කට වඩා දිග වැල්පාලම දර්ශනීය පරිසරයකයි පිහිටා ඇත්තේ. මෙය නැරඹීමට බෙහෝ දෙනෙකු පැමිණෙන නිසා උතුරු පළාත් සභාව මඟින් ඉදි කෙරුණු සංචාරක නිකේතනය  ද මේ වන විට වසා දමා ඇති බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ. වැල්පාලම ප්‍රතිසංස්කරණය කරන අතර සංචාරක නිකේතනයද විවෘත කර ප්‍රදේශයේ පරිසරය ද ආරක්ෂා කිරීමට බලධාරීන් පියවර ගත යුතු බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.

 

The post මල්වතු ඔය හරහා ඉදිකර ඇති ඓතිහාසික වැල් පාලම ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව ප්‍රදේශවාසීන් පෙන්වාදෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG