Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Nov 30

ඇමරිකාවේ ගුවන් අනතුරකින් නව දෙනෙකු ජිවිතක්ෂයට  

0 comments

ඇමරිකාවේ දකුණු ඩකෝටා ප‍්‍රදේශයේ සිදුවූ ගුවන් අනතුරකින් නව දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. කුඩා දරුවන් දෙදෙනෙකුද ඒ අතර වන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. තවත් තුන් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ශිත කුණාටු සුලං පිලිබදව ඇමරිකා කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු ඇගවිම්ද නිකුත් කර ඇති බවයි ප‍්‍රවෘත්ති වාර්තා පවසන්නේ. තනි එන්ජිමක් සහිත ගුවන් යානය චැන්බලේන්...
Read More »

Nov 30

ඉහල කොත්මලේ වාන් දොරටුවක් ස්වයංක‍්‍රීයව විවෘත වෙයි  

0 comments

මධ්‍යම කදුකරයේ් බටහිර බෑවුම් ප‍්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් ස්වයංක‍්‍රියව විවෘත වී තිබෙනවා. ජලපෝෂක ප‍්‍රදේශවලට තවදුරටත් වර්ෂාව ලැබුණහොත් ජාලශයේ ඉතිරි වාන් දොරටු ද විවෘත කිිරිමට සිදුවනු ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවන් පවසන්නේ. කොත්මලා ඔය දෙපස පදිංචි කරුවන් සහ ජලය පරිහරණය කරන්නන් සැලකිලිමත්ව...
Read More »

Nov 30

මෙක්සිකෝවේ වෙඩි තැබීමකින් 14 දෙනෙකු ජිවිතක්ෂයට  

0 comments

මෙක්සිකෝවේ උතුරුදිග ප‍්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 14 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් දස දෙනෙකු සහ පොලිස් නිලධාරින් 4 දෙනෙකුද ඒ අතර වන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. මෙක්සිකෝවේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට ඇමරිකා සහාය ලබාදෙන බව ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර දින කිහිපයකට පසුවයි වෙඩි තැබීම...
Read More »

Nov 30

දේශපාලනයෙන් විශ්‍රාම නොයන බව හිටපු ජනපති කියයි  

0 comments

තමා මෙතෙක් සිදුකළ ජනතා සේවය අඛණ්ඩව සිදු කිරීම තම අපේක්ෂාව බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. පොළොන්නරුවේදී ජනතාව අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පසුගිය වසර 5 පුරා ජනාධිපතිධුරය දරමින් රට වෙනුවෙන් තම සේවය ඉටුකළ මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවට ගොස්  සිය පාක්ෂිකයන් හමුවුණා. එහිදී පොළොන්නරු ජනතාව හිටපු ජනාධිපතිවරයා මහති...
Read More »

Nov 30

මහවැලි සංවර්ධන අමාත්‍යාංශය තුළින් ගොවි ජනතාව වෙනුවෙන් උපරිම සේවයක්  

0 comments

මහවැලි සංවර්ධන අමාත්‍යාංශය තුළින් ගොවි ජනතාව වෙනුවෙන් උපරිම සේවයක් ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. පොළොන්නරුවේදී ජනතාව හමුවූ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශකළා. The post මහවැලි සංවර්ධන අමාත්‍යාංශය තුළින් ගොවි ජනතාව වෙනුවෙන් උපරිම සේවයක් appeared first on ITN News...
Read More »

Nov 30

ලෝක ඒඩ්ස් දිනය අදයි  

0 comments

ලෝක ඒඩ්ස් දිනය අදට යෙදී තිබෙනවා. එච් අයි වී ආසාධනය සම්පුර්ණයෙන්ම වලක්වාලිම අරමුණු කරගනිමින් මේ වසරේ වැඩසටහන් ක‍්‍රියාත්මක බවයි ජාතික පුහුණුකිරීමේ භෙද නිලධාරිනි පුෂ්පා රම්‍යානි ද සොයිසා මෙනවිය ප‍්‍රකාශ කළේ. මේ අතර මවගෙන් දරුවාට එච් අයි වී ඒඩ්ස් බෝ නොවන රටකට හිමි සම්මානය මෙරටට ලැබී ඇතැයි ලිංගාශි‍්‍රත රෝග සහ ඒඩ්ස් රෝගය පිළිබඳ විද්‍යාර්ථීන්ගේ...
Read More »

Nov 30

රුසියාව ආක්ටික් ධ‍්‍රැවයේ මිසයිලයක් අත්හදා බලයි  

0 comments

රුසියාව තම රටට අයත් ආක්ටික් ධ‍්‍රැව කලාපයේ නවින මිසයිලයක් අත්හදා බලා තිබෙනවා. මිග් 31 කේ වර්ගයේ ජෙට් යානයක් මගින් එල්ල කළ එම මිසයිලය ශබ්දයේ වේගය මෙන් පස්ගුණයක වේගයක් සහිත එකක් බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. පසුගිය මස මැද භාගයේදී මිසයිල අත්හදා බැලීම සිදුකළද රුසියාවේ ටාස් ප‍්‍රවෘත්ති සේවය ඒබව නිවේදනය කර ඇත්තේ ඊයේ (30) දිනයේයි. The post රුසියාව...
Read More »

Nov 30

හොංකොං ගැටලුවට ජගත් සංවිධානයේ මැදිහත් වීම ගැන චීනයේ විරෝධය  

0 comments

හොංකොං හි ක්‍රියාත්මක උද්ඝෝෂණ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයා අනුගමනය කරන පිළිවෙත චීනයේ දෝෂදර්ශනයට ලක්ව තිබෙනවා. චීනය සඳහන් කරන්නේ හොංකොං හි පවතින්නේ රැඩිකල් ක්‍රියාකාරින් පිරිසකගේ ප්‍රචණ්ඩකාරී හැසිරිමක් පමණක් බවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී මිචෙල් බැචලේ පුවත්පතකට සපයා තිබු වාර්තාවක් තුළින් වැරදි අදහසක්...
Read More »

Nov 30

ගංජා ලග තබාගෙන සිටි මාලදිවයින් ජාතිකයෙකු අත්අඩංගුවට  

0 comments

ගංජා ලග තබාගෙන සිටි මාලදිවයින් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ විශේෂ කාර්ය බලකායේ සෙට්ටිකුලම කදවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව. මැදවච්චිය කුලික්කඩ මංසන්ධියේදී වැටලීම සිදුකළා. සැකකරු වැඩිදුර විමර්ෂණ සදහා මැදවච්චිය පොලිස් ස්ථානයටයි භාරදී තිබෙන්නේ. The post ගංජා ලග තබාගෙන සිටි මාලදිවයින් ජාතිකයෙකු අත්අඩංගුවට appeared first on ITN ...
Read More »

Nov 30

බලය සඳහා වූ දේශපාලනය වෙනුවට මහත්මා දේශපාලනයක් රටට අවශ්‍යයි  

0 comments

බලය සඳහා වූ දේශපාලනය වෙනුවට මහත්මා දේශපාලනයක් මේ රටට අවශ්‍ය බව කතානායක කරූ ජයසූරිය මහතා පවසනවා. ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්. The post බලය සඳහා වූ දේශපාලනය වෙනුවට මහත්මා දේශපාලනයක් රටට අවශ්‍යයි appeared first on ITN News...
Read More »

Nov 30

නිදහස් පක්ෂයේ මීළඟ බලාපොරොත්තුව රාජ්‍ය ඇමති දයාසිරි කියයි  

0 comments

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රකින අලුත් පාර්ලිමේන්තුවක් බිහි කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීළඟ බලාපොරොත්තුව බව පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. පොළොන්නරුවේදී පැවැති උත්සවයකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.     The post නිදහස් පක්ෂයේ මීළඟ බලාපොරොත්තුව රාජ්‍ය ඇමති දයාසිරි කියයි appeared first on ITN News...
Read More »

Nov 30

බලංගොඩ හුණුවල අනතුරකින් 16දෙනෙකු රෝහලේ  

0 comments

රත්නපුර බලංගොඩ ප්‍රධාන මාර්ගයේ දී සිදුවූ රිය අනතුරකින් දහසය දෙනෙකු තුවාල ලැබුවා. රත්නපුර බලංගොඩ ප්‍රධාන මාර්ගයේ හුනුවල අම්පිටිතැන්න විහාරස්ථානය ඉදිරිපිටදී බස් රථයක් හා කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුවුණා. ඉන් 16 දෙනෙකු තුවාල ලබා පැල්මඩුල්ල ප්‍රාදේශීය රෝහලට හා රත්නපුර මහරෝහලට ඇතුළත් කළ බවයි ඕපනායන පොලිසිය සදහන් කළේ. කන්ටේනර් රථයේ...
Read More »

Nov 30

ලන්ඩන් බ්‍රිජ් ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම IS ත්‍රස්ත සංවිධානය භාරගනී  

0 comments

ලන්ඩන් බ්‍රිජ් ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම අයි එස් ත්‍රස්ත සංවිධානය භාර ගෙන තිබෙනවා. තම ත්‍රස්ත සංවිධානයේ අනුගාමිකයෙකු වන උස්මාන් ඛාන් නමැත්තෙකු මෙම ප්‍රහාරය සිදුකර ඇති බවයි අයි එස් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ. නමුත් ඒ සඳහා ඔවුන් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කර නැහැ. අයි එස් ත්‍රස්ත සංවිධානයට එරෙහිව සන්ධාන ගතවී සිටින රාජ්‍යයයන්ට...
Read More »

Nov 30

වැසි වැඩි වෙයි – කදුකරයේ ජනතාවට අවධානයෙන් පසුවන්නැයි නිවේදනයක්  

0 comments

දිවයිනේ ප්‍රදේශ රැසක පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. නායයාම් පිළිබද කදුකරයේ ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.       The post වැසි වැඩි වෙයි – කදුකරයේ ජනතාවට අවධානයෙන් පසුවන්නැයි නිවේදනයක් appeared first on ITN...
Read More »

Nov 30

නිධන් හෑරීමේ නිරතව සිටි සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට  

0 comments

නිධන් හෑරීමේ නිරතව සිටි සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. ආනමඩුව පැරණි ගම් උදාභූමියේ නිවසක වැසිකිලිවලක් කපන මුවාවෙන් නිධන් හෑරීම සිදුකර ඇති බවයි නවගත්තේගම පොලිසිය පවසන්නේ. පොලිසිය වැටලීම සිදුකරන අවස්ථාවේ අදාළ නිවසේ අඩි 10ක් පමණ ගැඹුරට කැනීම් සිදු කර තිබුණා. සැකකරුවන් සමග ගල් විදින යන්ත්‍රයක් ඇතුළු උපකරණ හා පූජා භාණ්ඩ...
Read More »

Nov 30

නිදන් හෑරීමේ නිරතව සිටි සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට  

0 comments

නිදන් හෑරීමේ නිරතව සිටි සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. ආනමඩුව පැරණි ගම් උදාභූමියේ නිවසක වැසිකිලිවලක් කපන මුවාවෙන් නිදන් හෑරීම සිදුකර ඇති බවයි නවගත්තේගම පොලිසිය පවසන්නේ. පොලිසිය වැටලීම සිදුකරන අවස්ථාවේ අදාළ නිවසේ අඩි 10ක් පමණ ගැඹුරට කැනීම් සිදු කර තිබුණා. සැකකරුවන් සමග ගල් විදින යන්ත්‍රයක් ඇතුළු උපකරණ හා පූජා භාණ්ඩ...
Read More »

Nov 29

ජනාධිපතිගේ ඉන්දීය සංචාරයෙන් දෙරට අතර සබඳතා තවත් ශක්තිමත් වූ අතර ප්‍රතිලාභ රැසක්  

0 comments

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඉන්දීය රාජ්‍යතාන්ත්‍රික  සංචාරයෙන් දෙරට අතර සබදතා තවත් ශක්තිමත් වූ අතර ප්‍රතිලාභ රැසක් ද හිමිවූ බව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ මොහාන් සමරනායක මහතා ප්‍රකාශ කළා. ඒ අයිටීඑන් ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින්. The post ජනාධිපතිගේ ඉන්දීය සංචාරයෙන් දෙරට අතර සබඳතා තවත් ශක්තිමත් වූ අතර ප්‍රතිලාභ රැසක් appeared...
Read More »

Nov 29

හත්වන මිත‍්‍ර ශක්ති යුධ අභ්‍යාසයට ශ්‍රී‍්‍ර ලංකා යුධ හමුදවෙන් 120 ක්  

0 comments

හත්වන මිත‍්‍රශක්ති යුධ අභ්‍යාසය ඉන්දියාවේදී හෙට (01) ආරම්භ වනවා. ශ්‍රී‍්‍ර ලංකාවෙන් 120 ක කණ්ඩායමක් ඊට සහභාගී වන බවයි යුධ හමුදා මාධ්‍ය අංශය පවසන්නේ. ගැමුණු හේවා බලඇණියේ නිලධාරීන් 11 දෙනෙකු සහ සෙසු නිලයන් 109 ක් එම පිරිසට ඇතුලත්. ඉන්දියාවේ පුවන්මාවෝ රෙජිමේන්තුවේ 122 දෙනෙකු ද මෙම යුධ අභ්‍යාසයට එක්වීමටයි නියමිත. හෙට සිට දින 14 ක කාලයක් යුධ...
Read More »

Nov 29

ප්‍රබුද්ධ පාර්ලිමේන්තුවකට මනුස්සකම තිබෙන මිනිස්සු අවශ්‍යයි  

0 comments

උගතුන් වියතුන් පිරි පාර්ලිමේන්තුවක් සම්මන්ත්‍රණය නාවලදී පැවති අතර උගතුන්ගෙන් සහ වියතුන්ගෙන් සපිරි පාර්ලිමේන්තුවක අවශ්‍යතාව මෙහිදී සාකච්ඡාවට බදුන්වුණා. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා.   The post ප්‍රබුද්ධ පාර්ලිමේන්තුවකට මනුස්සකම තිබෙන මිනිස්සු අවශ්‍යයි appeared first on ITN News...
Read More »

Nov 29

සුදු වෑන් සංස්කෘතියක් ගැන ව්‍යාජ මතයක් ඇතැමුන් යළි පතුරවමින් සිටිනවා – සුදත්ත හිමි  

0 comments

සුදු වෑන් සංස්කෘතියක් ක්‍රියාත්මකව ඇතැයි ඇතැමුන් ව්‍යාජ මතයක් යළි පතුරවමින් සිටින බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ පිළිබදව තොරතුරු හෙළිකළා. The post සුදු වෑන් සංස්කෘතියක් ගැන ව්‍යාජ මතයක් ඇතැමුන් යළි පතුරවමින් සිටිනවා – සුදත්ත හිමි appeared first on ITN News...
Read More »

Nov 29

ප්‍රබුද්ධ පාර්ලිමේන්තුවට මනුස්සකමක් තිබෙන මිනිස්සු අවශ්‍යයි  

0 comments

උගතුන් වියතුන් පිරි පාර්ලිමේන්තුවක් සම්මන්ත්‍රණය නාවලදී පැවති අතර උගතුන්ගෙන් සහ වියතුන්ගෙන් සපිරි පාර්ලිමේන්තුවක අවශ්‍යතාව මෙහිදී සාකච්ඡාවට බදුන්වුණා. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා.   The post ප්‍රබුද්ධ පාර්ලිමේන්තුවට මනුස්සකමක් තිබෙන මිනිස්සු අවශ්‍යයි appeared first on ITN News...
Read More »

Nov 29

වී මෙටි‍්‍රක් ටොන් හතළිස් දෙදහසක් නිකුත් කෙරේ  

0 comments

වී මෙටි‍්‍රක් ටොන් හතළිස් දෙදහසක් වී මෝල් හිමියන් වෙත මුදාහරින බව වී අළෙවි මණ්ඩලය ප‍්‍රකාශ කළා. උත්සව සමයේ හිඟයකින් තොරව උපරිම සිල්ලර මිල යටතේ පාරිභෝගිකයාට සහල් ලබාදීමයි ප‍්‍රධාන අරමුණ. වී අළෙවි මණ්ඩලයේ ගබඩාවල ඇති වී තොග පෞද්ගලික වී මෝල් හිමියන්ට ලබාදී සහල් බවට පත්කර ලංකා සතොස හරහා පාරිභෝගිකයාට නිකුත් කරන බවයි මණ්ඩලයේ සභාපති කස්තුරි අනුරාධනායක...
Read More »

Nov 29

පීඩාකාරී බදු අහෝසි කිරීමෙන් රටේ ආර්ථිකයට අනිසි බලපෑමක් නැහැ  

0 comments

ජනතාව දැඩි පීඩාවකට ලක්කරමින් අයකළ බදු අහෝසි කිරීමෙන් හා ඇතැම් බදු අඩු කිරීමෙන් මෙරට ආර්ථිකයට අනිසි බලපෑමක් එල්ල වන්නේ නැති බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. එම පියවර හේතුවෙන් ආර්ථිකය තවදුරටත් ශක්තිමත් වන බවයි ඒ මහතා කියාසිටින්නේ. එක්ස්ෆෝ විලේජ් ප්‍රදර්ශනය කොළඹදී විවෘත කරමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයයි...
Read More »

Nov 29

අපරාධ රැසකට සම්බන්ධ තුන්දෙනෙකු අත්අඩංගුවට  

0 comments

අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයින් තුන් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා. හංවැල්ල,  ඇඹුල්ගම ප්‍රදේශයේ නිවසක සැගව සිටියදීයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව වැටලීම ක්‍රියාත්මක කෙරුණා. සැකකරුවන් පුද්ගල ඝාතන,  කප්පම් ගැනීම්, ...
Read More »

Nov 29

නෙදර්ලන්තයේ වෙළෙදසැල් බහුල මාර්ගයක දී සිදුවූ පිහි ඇණුමකින් තුන් දෙනෙකුට තුවාල  

0 comments

නෙදර්ලන්තයේ වෙළෙදසැල් බහුල මාර්ගයක දී සිදුවූ පිහි ඇණුමකින් පුද්ගලයින් තුන් දෙනෙකු තුවාල ලැබුවා. නෙදර්ලන්තයේ හේග් නගරයේ මාර්ගයකයි මෙම පිහි ඇණුම සිදුවුණේ. ඉන් තුවාල ලැබූවන් රෝහල් ගත කිරීමට බලධාරීන් පියවර ගත්තා.  එම අවස්ථාවේ දී මාර්ගයේ විශාල පිරිසක් රැදී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වෙතත් සිද්ධියට සම්බන්ධ පුද්ගලයා පළාගොස් තිබෙන...
Read More »

Nov 29

ඉන්දියාවේ පශු වෛද්‍යවරියක් දූෂණය කර ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් හයිද්‍රාබාද් පොලීසියෙන් විමර්ශන  

0 comments

ඉන්දියාවේ පශු වෛද්‍යවරියක් දූෂණය කර ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හයිද්‍රාබාද් පොලීසියට ලැබුණු තොරතුරක් මත. ඝාතනයවූ පශු වෛද්‍යවරියගේ වයස අවුරුදු 27 ක්. ඇය හයිද්‍රාබාද් නගරයේ ප‍්‍රසිද්ධ වෙළෙද සංකීර්ණයක් අසළ සිය යතුරුපැදිය නවතා වෙළෙද සැලට ගොස් තිබෙනවා. නැවත පැමිණීමේදී යතුරුපැදියේ ටයරයක සුළං...
Read More »

Nov 29

සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් ලබන 4 වනදා මැතිවරණ කොමිෂන් සභාවට  

0 comments

සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් ලබන 4 වනදා මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවීමට තීරණය කර තිබෙනවා. ඒ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන විශේෂ සාකච්ඡාවක් සඳහා. ඉදිරි මහ මැතිවරණය පිළිබදව එහිදී වැඩි අවධානයක් යොමු කිරීමටයි නියමිත. ඊට අමතරව දැනට පවතින මැතිවරණ නීති රෙගුලාසි කාලීන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි සංශෝධනය කිරීම...
Read More »

Nov 29

ඉරාක අගමැති ඉල්ලා අස්වන බව නිවේදනය කරයි  

0 comments

ඉරාක රජයට එරෙහි විරෝධතා උත්සන්න වීමත් සමග එරට අග්‍රාමාත්‍ය අදෙල් අබ්දුල් මහදි සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කළා. විරෝධතාවලින් ඊයේ (29) දිනයේදී පමණක් ඉරාකයේ පුද්ගලයින් 40 කට වැඩි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වුණා. එය පසුගිය මාසයේ උද්ඝෝෂණ ආරම්භ වීමෙන් පසු දිනකදී මියගිය වැඩිම පුද්ගලයින් සංඛ්‍යාව වනවා. පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා පුද්ගලයින්...
Read More »

Nov 29

වැලිමඩ – බදුල්ල ප‍්‍රධාන මාර්ගයට ගල් පෙරලීමේ අවදානමක්  

0 comments

වැලිමඩ බදුල්ල ප‍්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස රියදුරන්ට දැනුම් දෙනවා. ඒ පුහුල්පොළ ප‍්‍රදේශයේදී මාර්ගයට ගල් පෙරලීමේ අවදානමක් හේතුවෙන්. 96 වන කිලෝමීටර කණුව ආසන්නයේ මාර්ගයට ගල් කිහිපයක් මේ වනවිටත් පතිතවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මාර්ගය ආසන්න වේල්ලක කොටසක් නායයාම හේතුවෙන් මෙසේ ගල් පෙරලීම් සිදුවනවා. ඒ හේතුවෙන්...
Read More »

Nov 29

ජේසු බිළිඳා තැන්පත් කළ බවට සැලකෙන ගව ඔරුවේ කොටසක් නත්තලට පෙර බෙත්ලෙහෙමට  

0 comments

ජේසු බිළිඳා තැන්පත් කළ බවට සැලකෙන ගව ඔරුවේ කොටසක් බෙත්ලෙහෙමේ ශාන්ත කැතරින් ෆ‍්‍රැන්සිස්කන් දේවස්ථානය වෙත රැගෙන යාමට තීරණය කර තිබෙනවා. ගව ඔරුවේ තිබී හමුවූ පෞරාණික ලී කැබැල්ලක් මෙසේ එම දේවස්ථානයේ තැන්පත් කිරීමයි සැලසුම. ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේගේ උපදෙස් මත එය සිදුවන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. එම පෞරාණික ලී කැබැල්ල හත්වන සියවසයේ...
Read More »

Nov 29

නිධානයකින් ලබාගත් බවට පවසමින් රත‍්‍රං කාසි තොගයක් අළෙවි කිරිමට උත්සාහ කළ දෙදෙනෙකු අත්අඩංගුවට  

0 comments

නිධානයකින් ලබාගත් බවට පවසමින් රත‍්‍රං කාසි තොගයක් අළෙවි කිරිමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුරාධපුර තවරක්කුලම ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකදී. එම කාසි තොගය ලක්ෂ 30 ක මුදලකට අළෙවි කිරීමටයි සැකකරුවන් උත්සාහ කර තිබෙන්නේ. පොලිස් විශේෂ කාර්ය බලකායයි වැටලීම සිදුකළේ. එහිදී ව්‍යාජ ලෙස සකස් කරන ලද කාසි 851 ක් සොයා ගැනීමට හැකිවුණා. The...
Read More »

Nov 29

උල්හිටියාව ජලාශයේ සියලු වාන් දොරටු විවෘතයි  

0 comments

බදුල්ල උල්හිටියාව ජලාශයේ සියලු වාන් දොරටු විවෘතවී තිබෙනවා. ඒ හේතුවෙන් ගිරාඳුරුකෝට්ටේ රත්කිඳ මාර්ගය භාවිත කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ. ජලාශයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ඊයේ (29) මධ්‍යම රාත‍්‍රිය වනවිට එහි වාන් දොරටු හතම විවෘතවී තිබෙනවා. ජලාශය අවට පහත් බිම්වල පදිංචි ජනතාව ද අවධානයෙන් කටයුතු කිරිම...
Read More »

Nov 29

ඉන්දියාවේ ජාකන්ඩ් ප‍්‍රාන්ත මැතිවරණය ඇරඹෙයි  

0 comments

ඉන්දියාවේ ජාකන්ඩ් ප‍්‍රාන්ත මැතිවරණයේ ඡන්ද විමසීම පෙරවරු 7 ට ආරම්භ වුණා. පස්වරු 3 දක්වා ඡන්ද විමසීම සිදුකරන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මැතිවරණයේ පළමු අදියර සඳහා තරඟ වදින අපේක්ෂකයන් සංඛ්‍යාව 189 ක්. පාලක භාරතීය ජනතා පක්ෂයට මෙවර දැඩි අභියෝගයකට මුහුණදීමට ද සිදුව ඇති බවයි එරට වාර්තා ප‍්‍රකාශ කළේ. The post ඉන්දියාවේ ජාකන්ඩ් ප‍්‍රාන්ත...
Read More »

Nov 29

ඉන්දියාවේ ප‍්‍රාන්ත කිහිපයකට අයහපත් කාලගුණය පිළිබදව අනතුරු ඇඟවීමේ නිවේදනයක්  

0 comments

ඉන්දියාවේ ප‍්‍රාන්ත කිහිපයකට අයහපත් කාලගුණය පිළිබදව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඉදිරි පැය 48 දී තද වැසි අපේක්ෂා කරන බවයි ඉන්දීය කාලගුණ අංශ සඳහන් කළේ. ඒ හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු තමිල්නාඩුවේ සියලුම පාසල් සහ විශ්වවිද්‍යාල ද වසාතැබීමට ප‍්‍රාන්ත බලධාරීන් තීරණය කළා. වෙරළබඩ ප‍්‍රදේශවල සංචාරය නොකරන ලෙසට ද ජනතාවට දැනුම්දී තිබෙනවා. ධීවරයන්ට...
Read More »

Nov 29

එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවට බලපෑම් කිරීමට රටවල් රැසක උද්ඝෝෂණ  

0 comments

එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවට බලපෑම් කිරීම සඳහා රටවල් රැසක උද්ඝෝෂණ පැවැත්වෙනවා. ලබන සතියේ සමුළුව පැවැත්වෙන්නේ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් හිදී. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට එරෙහිව නව කි‍්‍රයාමාර්ගයක් ගැනීම කෙරෙහි යුරෝපා නායකයන්ගේ අවධානය යොමුකරවීම උද්ඝෝෂණවල අරමුණ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් පිරිසක් යුරෝපයේ සහ ආසියාවේ රටවල්...
Read More »

Nov 29

දකුණු ආසියානු කී‍්‍රඩා උළෙල හෙට සිට  

0 comments

දකුණු ආසියානු කී‍්‍රඩා උළෙල හෙට (01)  ආරම්භ වනවා. ඒ නේපාලයේ කත්මණ්ඩු නුවර දසරාත් රංගශාලා කී‍්‍රඩාංගනයේදී. නිල සමාරම්භක උත්සවයට විශේෂාංග රැසක් එක්කර ඇති බවයි එරට වාර්තා සඳහන් කළේ. මෙවර කී‍්‍රඩා උළෙල පැවැත්වෙන්නේ 13 වන වරට නේපාලයේ සත්කාරකත්වයෙන්. ශ්‍රී‍්‍ර ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, බංගලිදේශය, මාලදිවයින සහ භූතානය ඇතුලු රටවල් නියෝජනය...
Read More »

Nov 29

වන අලි ගම්වැදීමේ ගැටලුවට කඩිනමින් විසඳුම්  

0 comments

වන අලි ගම්වැදීමේ ගැටලුවට කඩිනමින් විසඳුම් ලබාදෙන බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පවසනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ වෙනුවෙන් විශේෂ උපදෙස් ලබාදී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. සිවිල් ආරක්ෂක බලකායේ සහය ද වැඩපිලිවෙල වෙනුවෙන් ලබාගන්නා බව එස් එම් චන්ද්‍රසේන මහතා ප‍්‍රකාශ කළා. කෙටි කාලීන වැඩපිලිවෙලක් ලෙස විදුලි වැට නොමැති ප‍්‍රදේශ...
Read More »

Nov 29

අපි සූදානම් ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කරන්න – මාවෙයි සේනාධිරාජා  

0 comments

දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉටුකර ගැනීම සදහා ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යවරයා සමග දෙමළ ජාතික සන්ධානය සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පවසනවා. යාපනයේ පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා. පා.ම. මාවෙයි සේනාධිරාජා “තමිල්අරසු පක්ෂය කාවද තෝරා ගන්නේ කියන එක නෙමෙයි අපට තියෙන ප්‍රශ්නය. අපේ ප්‍රතිපත්ති පිළිගන්නෙ...
Read More »

Nov 29

මවගෙන් දරුවාට ඒඩ්ස් බෝ නොවන රටක් වෙනුවෙන් ලබාදෙන සම්මානය ශ්‍රී ලංකාවට  

0 comments

මවගෙන් දරුවාට ඒඩ්ස් බෝ නොවන රටක් වෙනුවෙන් ලබාදෙන සම්මානය ශ්‍රී ලංකාවට හිමි වුණා. ලෝක සෞඛ්‍ය සංවිධානයයි මෙම සම්මානය ලබා දෙන්නේ. ඒ පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් රෝගය සම්බන්ධ සිද්ධාර්ථයින්ගේ සංගමයේ විශේෂඥ වෛද්‍ය චිත්‍රාත් හතුරුසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා. The post මවගෙන් දරුවාට ඒඩ්ස් බෝ නොවන රටක් වෙනුවෙන්...
Read More »

Nov 29

සුඩානයේ නීති සංශෝධනයක්  

0 comments

සුඩානයේ ආන්දෝලනයකට තුඩුදුන් නිීති කිහිපයක් සංශෝධනය කර තිබෙනවා. කාන්තාවන්ට ප‍්‍රසිද්ධ ස්ථානවලදී ඇදුම් පැලදුම් භාවිතය සහ හැසිරිම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා නීති කිහිපයක් සම්පාදනය කළා. එම නීති හේතුවෙන් තමන් පීඩාවට පත්වන බවයි ඔහුට එරෙහිව උද්ඝෝෂණය කරමින් කාන්තාවන් පෙන්වා දුන්නේ. හිටපු ජනාධිපතිවරයා ඉවත්කර බලයට පත් නව රජයේ අග‍්‍රාමාත්‍ය අබ්දුල්ලා...
Read More »

Nov 29

අනිද්දා සිට දුම්රියේ සිඟමන් යැදීම තහනම්  

0 comments

අනිද්දා (01) සිට දුම්රියේ සිඟමන් යැදීම සම්පුර්ණයෙන් තහනම් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. දුම්රිය වේදිකාවන්වල සිගමන් යැදීමද ඒ අනුව තහනම් වනවා. එම නීතිය කඩකර සිගමන් යැදින්නන්ට එරෙහිව දැඩි දඩුවම් පමුණුවන බවයි දුම්රිය සේවා අමාත්‍යාංශය නිවේදනය කළේ. මේ අතර යාල්දේවි දුම්රිය පීලි පැනීම හේතුවෙන් බාධා එල්ලවී තිබූ උතුරු දුම්රිය මාර්ගයේ...
Read More »

Nov 29

සුරක්ෂා රක්ෂණය අහෝසි කළ බවට ගෙනයන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍යයි  

0 comments

පාසල් දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක සුරක්ෂා රක්ෂණය අහෝසි කිරීමට රජය තීරණය කර ඇති බවට ගෙනයන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කරනවා. සුරක්ෂා රක්ෂණය පාසල් දරුවන් මිලියන 4 කට අධික පිරිසක් වෙනුවෙන් ක්‍රියාත්මකයි. එය අහෝසි කිරීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි,  ඇතැම් මාධ්‍ය හා සමාජ මාධ්‍ය ජාලාවල පළවූ වාර්තා මුලුමනින්ම අසත්‍ය...
Read More »

Nov 29

නව රජයේ නිසි අධ්‍යනයකින් පසුව සමුරායි බැදුම්කර, වෙළෙදපොලට නිකුත් කිරීමට සූදානම්  

0 comments

නව රජයේ නිසි අධ්‍යනයකින් පසුව සමුරායි බැදුම්කර,  වෙළෙදපොලට නිකුත් කිරීමට සූදානම් බව මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසනවා. මහබැංකු ශ්‍රවණාගාරයේ අද (29) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියාසිටියේ.       The post නව රජයේ නිසි අධ්‍යනයකින් පසුව සමුරායි බැදුම්කර, වෙළෙදපොලට නිකුත්...
Read More »

Nov 29

මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබද එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ මෙහෙයුම් අධ්‍යක්ෂ සහ විදේශ කටයුතු ඇමති අතර හමුවක්  

0 comments

මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබද එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ මෙහෙයුම් අධ්‍යක්ෂ මිවා කතෝ මහත්මිය විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවුනා. ඒ විදේශ කටයුතු අමාත්‍යාංශයේදීයි. ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු තීරයේ සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම මැඩ පවත්වාගැනීම පිළිබදව මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබෙනවා.මත්ද්‍රව්‍ය ජාවාරම සහ සමුද්‍රීය අපරාධ මැඩපැවැත්වීමට...
Read More »

Nov 29

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් තද වැසි පිළිබදව අවවාදාත්මක නිවේදනයක්  

0 comments

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි පිළිබදව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ හෙට (30) පස්වරු 2.30 දක්වා බලාත්මක වන පරිදි. දිවයින පුරා පවතින වැසි තත්වයේ තරමක වැඩිවීමක් හෙට(30) දිනයේදී අපේක්ෂා කරන බවයි දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ. ඇතැම් ස්ථාන වලට මිලිමීටර සියයත් 150 ත් අතර තරමක තද වැසි ඇද හැලෙන බව ද නිවේදනයේ දැක්වෙනවා. The post...
Read More »

Nov 29

හොංකොං විශ්වවිද්‍යාලයකින් පෙට‍්‍රල් බෝම්බ හාරදහසක් සොයා ගැනේ  

0 comments

හොංකොං හි විශ්වවිද්‍යාලයකින් පෙට‍්‍රල් බෝම්බ හාරදහසක් සොයාගෙන තිබෙනවා. දින දෙකක් පුරා විශ්වවිද්‍යාලය ආශි‍්‍රතව සෝදිසි මෙහෙයුම් කි‍්‍රයාත්මක කළ බවයි එරට ආරක්ෂක අංශ ප‍්‍රකාශ කළේ. සති කිහිපයක් පුරා හොංකොං හි පැවැත්වෙන විරෝධතා අතරතුර පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම් හටගත්තා. විරෝධතා පැවැත්වෙන භූමිය ආසන්නයේ මෙම විශ්වවිද්‍යාලය පිහිටා ඇති බවයි...
Read More »

Nov 28

සිම්බාබ්වේ ආහාර අර්බුදය පිළිබදව රටවල් රැසක අවධානය  

0 comments

සිම්බාබ්වේ ආහාර අර්බුදය සම්බන්ධයෙන් රටවල් රැසක අවධානය යොමුව තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ඒ පිළිබදව විශේෂ අවධානයක් යොමුකර ඇති බවයි විදෙස් ප‍්‍රවෘත්ති වාර්තා සඳහන් කළේ. මානූෂීය ආධාර ලබාදීමේ කඩිනම් වැඩපිළිවෙලක් සකස් කළයුතු බවට ද ඔවුන් යෝජනා කළා. ඒ වෙනුවෙන් සිම්බාබ්වේ රජය ද මැදිහත් වියයුතු බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදෙන්නේ. The...
Read More »

Nov 28

පාඩු ලබන විදුලිබල මණ්ඩලයේ දූෂිත ගිවිසුම් අහෝසි කළ යුතුයි – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය  

0 comments

පාඩු ලබන විදුලිබල මණ්ඩලයේ දූෂිත ගිවිසුම් අහෝසි කළ යුතු බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව ප්‍රකාශ කළා.         The post පාඩු ලබන විදුලිබල මණ්ඩලයේ දූෂිත ගිවිසුම් අහෝසි කළ යුතුයි – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය appeared first on ITN News...
Read More »

Nov 28

එක්සත් ජාතික පක්ෂය තුළ කිසිදු අර්බුදයක් නැහැ – චන්දිම ගමගේ  

0 comments

එක්සත් ජාතික පක්ෂය තුළ කිසිදු අර්බුදයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම ගමගේ මහතා පවසනවා. යහපත් ආදර්ශයක් ලබා දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ. මාධ්‍ය හමුවකට එක්වෙමින් චන්දිම ගමගේ මහතා මෙම අදහස් පළකලා. The post එක්සත් ජාතික පක්ෂය තුළ කිසිදු අර්බුදයක් නැහැ – චන්දිම...
Read More »

Nov 28

වෛද්‍ය සාෆි පිළිබද විධිමත් පරික්ෂණයක් සිදුකර නීතිය නිවැරදිව ක්‍රියාත්මක කළ යුතුයි  

0 comments

වෛද්‍ය සාෆි ෂිහබ්දීන් පිළිබද විධිමත් පරික්ෂණයක් සිදුකර නීතිය නිවැරදිව ක්‍රියාත්මක කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ පවසනවා. විජය ධරණී ජාතික සභාව පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේ. තවත් ස්වාමීන් වහන්සේ කිහිප නමක ද මෙහිදී අදහස් දැක්වුවා.     The post වෛද්‍ය සාෆි පිළිබද...
Read More »

Recent News

Gossip Lanka MAG