කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ මියගිය පිරිස 170 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
චීනයේ සියලු කලාප පුරා මෙම වෛරසය පැතිර ගොස් ඇති බව තහවුරු වී තිබෙනවා. ටිබෙටයේ කොරෝනා වෛරසය වැළඳුණු රෝගියෙක් හඳුනා ගැනීමත් සමඟ මෙම වෛරසය චීනයේ සෑම ප්‍රදේශයකම පැතිර ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. චීන සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ මේ වන විට රෝගීන් හත්දහස් හත්සිය එකොළහක් තහවුරු වී ඇති බවයි. තවත් රටවල් 16 ක් දක්වා කොරෝනා වෛරසය පැතිර ගොස් ඇති බවද වාර්තා වනවා. මෙම වෛරසය මැඩපැවැත්වීම සඳහා තවමත් නිශ්චිත එන්නතක් හෝ ඖෂධයක් සොයාගෙන නොමැති බවද ඔවුන් සඳහන් කරනවා.
The post කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ මියගිය පිරිස 170 දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment