පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.
ඒ ආන්දෝලනාත්මක සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සදහායි.
සුදුවෑන් වලින් පුද්ගලයින් පැහැර ගැනීමක් සිදුවූ බවට පදනම් විරහිත කරුණු මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කිරීමේ සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මේ වන විට පසුවන්නේ ඇප මතයි. එම ඇප නියෝගය සංශෝධනය කොට ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නීතිපතිවරයා ප්‍රතිශෝධන පෙත්සමක්ද ගොනු කර තිබෙනවා. මෙම ප්‍රතිශෝධන පෙත්සම සම්බන්ධයෙන් ඔහුට නොතීසි නිකුත් කිරීමට කොළඹ මහාධිකරණය තීරණය කළා. වගඋත්තරකාර රාජිත සේනාරත්න මහතාට නොතීසි නිකුත් කිරීමට තරම් කරුණූ අනාවරණය වන බවටයි මහාධිකරණය තීරණය කළේ. ඒ අනුව ඔහුට නොතීසි නිකුත් කිරීමටත්,අදාළ පෙත්සම මාර්තු 05 වනදා විභාගයට ගැනීමටත් තීරණය කළා. ඒ අතරතුරයි ඔහු යළිත් වරක් අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ.
The post රාජිත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට appeared first on ITN News.
Post a Comment