Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කෘෂිකර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කරන ජලජ ශාක ඉවත් කිරීමේ වැඩපිළිවෙළක්  

Add comments

කෘෂිකර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කරන වාරි ජලාශවල ආක්‍රමණකාරී ජලජ ශාක ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් රජය ආරම්භ කර තිබෙනවා.

කෘෂිකර්මාන්තය නගාසිටුවීමේ වැඩපිළිවෙළට සමගාමීවයි එය ක්‍රියාවට නංවා ඇත්තේ.

දිවයිනේ ප්‍රදේශ රැසක විශාල වැව් මෙන්ම කුඩා වැව් ජලජ ශාක පැතිරයාමේ තර්ජනයට ලක්ව තිබෙනවා. සැල්වීනියා, ජපන් ජබර වැනි ආක්‍රමණශීලී ශාක පැතිරයාමෙන් වැව් ගොඩවීම සිදුවන අතර ඉන් කෘෂිකර්මාන්තයට බලපෑම් රැසක් එල්ල වනවා. මේ පිළිබද අවධානය යොමු කළ රජය මෙම වැව්වල ජලජ ශාක ඉවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන ඇත්තේ ගොවි ජනතාවගේද සහයෝගය මතයි. එහි එක් අදියරක් මේ දිනවල පුත්තලම් දිස්ත්‍රික්කයේ ක්‍රියාවට නංවා තිබෙනවා. කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැව්වල ඇති ජලජ ශාක ඉවත් කිරිම සිදු කෙරෙන්නේ අවදානම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේයි. ඒ සදහා වොයිස් ආයතනය මූල්‍යාධාර ලබාදෙනවා.

 

 

The post කෘෂිකර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කරන ජලජ ශාක ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG