වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් සිදුකරන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට නීතිපති දප්පුල ද ලිවේරා මහතා කතානායක කරූ ජයසූරිය මහතා හමුවුණා.
ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී සාකච්ඡා වූ කරුණුවලට අදාලවයි මෙම හමුව සිදුව ඇත්තේ. ව්‍යවස්ථා දායක සභාව කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගන්නා ලෙසට නීතිපතිවරයා පොලීසියට කළ දැනුම්දීම සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණා. එම නියෝගය හේතුවෙන් අධිකරණය හා එහි ගරුත්වය පිළිබද බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණා. මෙම ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් නීතිපතිවරයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවට කැඳවා කරුණු විමසීමට එම සභාව තීරණය කළා. ඒ අනුවයි නීතිපතිවරයා කතානායකවරයා හමුවී ඇත්තේ.
The post නීතිපති කතානායක හමු වෙයි appeared first on ITN News.
Post a Comment