යෝජිත MCC ගිවිසුම සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට එම ගිවිසුම අධ්‍යයනය සම්බන්ධයෙන් පත් කළ විද්වත් කමිටුව තීරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ යෝජනාවකට අනුවයි අමාත්‍ය මණ්ඩලය මෙම කමිටුව පත් කළේ.
MCC ගිවිසුමේ අන්තර්ගතය, එහි තිබිය හැකි බලපෑම සම්බන්ධයෙන් යම් ආයතනයකට, සංගමයකට හෝ පුද්ගලයෙකුට සිය අදහස්, ඇගයීම් හෝ යෝජනා විද්වත් කමිටුවට ඉදිරිපත් කළ හැකියි. ලබන 15 වනදාට පෙර අදහස් ඉදිරිපත් කරන ලෙස කමිටුව ඉල්ලීමක් කරනවා. සභාපති, එම් සී සී ගිවිසුම අධ්‍යයනය සඳහා වූ කමිටුව, නෙළුම් පියස, අරලියගහ මන්දිරය, කොළඹ 3 යන ලිපිනයට හෝ mccreview@pmoffice.govc.lk යන විද්‍යුත් ලිපිනයට අදහස් යොමු කළ යුතුයි. එම අදහස් හා යෝජනා සම්බන්ධයෙන් වැඩිදුර විමසීමේ අවශ්‍යතාවක් ඇති බවට කමිටුව තීරණය කළහොත් කමිටුව ඉදිරියේ අදහස් දැක්වීමේ අවස්ථාව ද ලබා දෙනු ඇති. mccreview@pmoffice.govc.lk
The post යෝජිත MCC ගිවිසුම ගැන අදහස් විමසීමට අධ්‍යයන කමිටුව තීරණය කරයි appeared first on ITN News.
Post a Comment