ශ්‍රී ලංකාව පිළිබද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය අද සිය අදහස් දැක්වීම සිදුකළා. ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබද 2019 මාර්තු 40/1 යෝජනාවේ සම අනුග්‍රාහකත්වය ඉල්ලා අස්කරගන්නා බව ජිනීවා හි පැවැත්වෙන ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරය අමතමින් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිල වශයෙන් දැනුම් දුන්නා. මානව හිමිකම් පිළිබද මහකොමසාරිස්වරිය අවධාරණය කළේ වත්මන් ශ්‍රී ලංකා රජය ප්‍රතිපත්තිය වෙනස්කිරීම සම්බන්ධයෙන් කණගාටුවන බවයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය ශ්‍රී ලංකාව පිළිබද දැක්වූ අදහස් වලට පිළිතුරු සැපයමින් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ යෝජනාවලියට සමඅනුග්රාහකත්වය දැරීමෙන් ඉවත්වුවද මානව හිමිකම් කවුන්සිලයේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට කැපවී කටයුතු කරන බවයි.
The post ශ්‍රී ලංකාව ගැන මිෂෙල්ගේ කණගාටුවට ඇමති දිනේෂ්ගෙන් නිසි පිළිතුරු appeared first on ITN News.
Post a Comment