කොරෝනා හෙවත් COVID-19 වෛරසය හේතුවෙන් ඇමෙරිකාවේ සහ යුරෝපයේ සහ ආසියාවේ කොටස් වෙළෙඳපොළ සීඝ්‍ර ලෙස පහත වැටී තිබෙනවා. ඇමෙරිකාවේ ඩව් ජෝන්ස් කොටස් වෙළෙඳපොළ කඩා වැටී ඇත්තේ ඉතිහාසයේ පළමු වරටයි. මේ අතර වෛරසය ආසාදනය වීම පිළිබඳ තවත් රටවල් හතරකින් වාර්තාවනවා. ඒ නෙදර්ලන්තය, උතුරු අයර්ලන්තයෙන්, නවසීලන්තයෙන් සහ නයිජීරියාවෙන්.
නව කොරෝනා වෛසරය ව්‍යාප්තිය තීරණාත්මක අවස්ථාවකට පැමිණ සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් ඇඩනම් පවසනවා. වෛරසය ආසාදනයෙන් මිය ගිය සංඛ්‍යාව 2858 ක්. දකුණු කොරියාවෙන් මේ වන විට මරණ 13 ක් වාර්තා වනවා. චීනයට පසුව වැඩිම බලපෑමක් එල්ලවූ රට දකුණු කොරියාවයි. එහි අසාදිතයින් සංඛ්‍යාව 2022 ක්. ගතවූ පැය 24 තුළ දකුණු කොරියාවේ නව ආසාදිතයන් ලෙස හඳුනාගත් සංඛ්‍යාව 256ක්. ආසාදිතයින් වැඩිම පිරිසත් හඳුනාගෙන ඇත්තේ තේගු නගරයෙන්. COVID-19 වෛරසය ආසාදිතව සුවය ලබා යළිත් එම රෝගයට ගොදුරු වූ කාන්තාවක පිළිබඳ තොරතුරක් වාර්තා වන්නේ ජපානයෙන්. එරට තුළ COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 900 ඉක්මවනවා. ජපානයේ පාසල් ද වසා දමා තිබෙනවා. ඉරානය තුළ කොරෝනා මරණ සංඛ්‍යාව 26ක්. ආසාදිතයින් සංඛ්‍යාව 270 ක් පමණ වනවා. ඉරාන උප ජනාධිපතිවරයා ද කොරෝනා වෛරසයට ගොදුරු වී සිටිනවා. පසුගියදා වාර්තා වුණේ එරට නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිවරයාට ද වෛරසය ආසාදනය වී ඇති බවයි. ඉතාලියෙන් මරණ 14 ක් වාර්තා වනවා. ආසාදිතයින් සංඛ්‍යාව 650ක්.
The post COVID-19 කොටස් වෙළෙඳපොළ බිම හෙළයි appeared first on ITN News.
Post a Comment