බෝකුන්දර ග‍්‍රාමෝදය මාවතෙන් කොරෝනා රෝගියෙකු වාර්තාවීමත් සමඟ එම පුද්ගලයා ඇසුරු කළ සහ ආසන්න නිවාස 11 ක 50 කට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට ලක්කර තිබෙනවා.
ආසාදිත පුද්ගලයා ජීවත්වූ ග‍්‍රාමෝදය මාවතේ නිවස සහ තවත් නිවාස දෙකක් බෝකුන්දර පාසල් මාවතේ නිවාස තුනක් සහ බෝකුන්දර කාලිඅම්මහර ප‍්‍රදේශයේ නිවාස හතරක් මෙලෙස ස්වයං නිරෝධානයට ලක්කර ඇති බවයි මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල මහතා සඳහන් කළේ.
මෙම ආසාදිත පුද්ගලයා ගැවසුණු පොල්ගස්ඕවිට සහ කහතුඩුව ප‍්‍රදේශයේ තවත් නිවාස කිහිපයක පිරිසක් ද නිරෝධායනයට යොමුකරන බවයි වෛද්‍යවරයා සඳහන් කළා.
The post බෝකුන්දර ග‍්‍රාමෝදය මාවතේ නිවාස 11ක 50කට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට appeared first on ITN News.
Post a Comment