ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලය තුළ එය කඩකරන්නන් නීතියේ රැහැනට කොටුකර ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.
ගෙවී ගිය පැය 24 තුළ ඇඳිරිනීතිය කඩකල පුද්ගලයින් 1,309 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති රථවාහන සංඛ්‍යාව 348 ක්. මාර්තු මස 20 වනදා සිට අද දිනය දක්වා ඇඳිරිනීතිය කඩ කිරීම හේතුවෙන් පුද්ගලයින් 39875 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා. එම කාලය තුළ රථවාහන 10257ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
කොරෝනා උවදුර පිටුදැකීම වෙනුවෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සඳහා සෑම පාර්ශ්වයකම සහාය අපේක්ෂා කෙරෙනවා.
එමෙන්ම ජනතා යහපත වෙනුවෙන් පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය කඩ නොකරමින් කොරෝනා මර්දන වැඩපිළිවෙලට සහාය දැක්වීම සියලු දෙනාගේ වගකීම බවයි රජය අවධාරණය කරන්නේ.
The post ගෙවී ගිය පැය 24 තුළ ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 1,309 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment