දිනකට සිදුකරන PCR පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නැංවීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා. ඒ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ සමඟ සම්බන්ධීකරණයෙනුයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ වෛද්‍ය පීඨ ප්‍රධානීන් මෙන්ම සෞඛ්‍ය අංශ ප්‍රධානීන් අතර සාකච්ඡාවක් අද පැවැත්වුණා.
කොළඹ ශ්‍රි ජයවර්ධනපුර , පේරාදෙණිය, කැළණිය සහ මඩකලපුව යන විශ්වවිද්‍යාලවල වෛද්‍යපීඨ හා විද්‍යාපීඨවල රසායනාගාර කේන්ද්‍ර කර ගනිමින් PCR පරීක්ෂණ තවදුරටත් වැඩිකිරීම පිළිබඳ එහිදී සාකච්ඡා කෙරුණා. දැනට දිනක දි සිදුකරන PCR පරීක්ෂණ ප්‍රමාණයට අමතරව දිනකට තවත් දහසකින් එය වැඩි කිරීමට මෙමගින් හැකියාව උදාවනවා. පවිත්‍රා වන්නිආරච්චි , ආචාර්ය බන්දුල ගුණවර්ධන යන අමාත්‍යවරුන්ද සාකච්ඡාවට එක්ව සිටියා.
The post විශ්වවිද්‍යාල සමඟ එක්ව PCR පරීක්ෂණ තවදුරටත් වැඩිකිරීමට සාකච්ඡා appeared first on ITN News.
Post a Comment