නිරෝධායනය අවසන් කළ රත්මලාන ප්‍රදේශයේ පුද්ගලයින් 34 දෙනෙකු නිවෙස් කරා පැමිණියා.
රත්මලාන ශ්‍රී ජන මාවතෙන් අප්‍රේල් 05 වනදා කොරෝනා ආසාදිතයතු හමු වුණා. ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ පුද්ගලයින් 34 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමටයි කටයුතු කෙරුණේ. එම පිරිස නිරෝධායනය අවසන් කරමින් රත්මලාන පිහිටි තම නිවෙස් වෙත ආපසු පැමිණීයා. ඔවුන් තවත් සති දෙකක කාලයක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට කටයුතු යොදා ඇත්තේ රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජයලත් ගුණතිලක මහතාගේ අධීක්ෂණය යටතේයි.
The post නිරෝධායනය අවසන් කළ රත්මලාන ප්‍රදේශයේ පුද්ගලයින් 34 දෙනෙකු නිවෙස්වලට appeared first on ITN News.
Post a Comment