ප්‍රදේශ කිහිපයක ඇඳිරිනීතිය ඉවත් කිරීමත් සමඟ අද දිනයේ දිගු පෝලිම් දක්නට ලැබුණේ වෙළෙඳසල් අසල නොව මත්පැන්හල් අසල බව අප වාර්තාකරුවන් පවසනවා.
කොළඹ , ගම්පහ , කලුතර හා පුත්තලම යන දිස්ත්‍රික් හැරුණු විට සෙසු දිස්ත්‍රික්වල ඇඳිරිනීතිය අද පෙරවරුවේ ලිහිල් කෙරුණා. ඒ අනුව ගාල්ල ප්‍රදේශයේ ද කඩ සාප්පු ද සුපුරුදු ලෙස විවෘත කර තිබුණා. කෙසේ වෙතත් දිගු පෝලිම් දක්නට ලැබුණේ මත්පැන්හල් අසල බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ.
මේ අතර ඇදිරි නීතිය තාවකාලිකව ඉවත් කිරීමෙන් පසු නාවලපිටිය නගරය ද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළදසැල්ලට වඩා මත්පැන් අලෙවිසැස් ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. බොහෝ දෙනා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන ආකාරයක්ද දක්නට නොලැබුණු බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.
The post මත්පැන්හල් අසළ දිගු පෝලිම් appeared first on ITN News.
Post a Comment