Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා හේතුවෙන් පීඩාවට පත් පාර්ශ්වවලට විවිධ අයුරින් සහාය  

Add comments

කොරෝනා ව්‍යසනය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාවට මෙන්ම කොරෝනා මර්දනයට උරදී සිටින පාර්ශ්වවලට විවිධ අයුරින් සහාය වීමට බොහෝ දෙනා  ඉදිරිපත්ව සිටිනවා.

වෙන්නප්පුව දුම්මලදෙණිය සුමනාරාම පිරිවෙනෙහි අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේට ලැබෙන දානමය ද්‍රව්‍ය එක් රැස් කර ජනතාවට ලබා දීමේ වැඩසටහනක් එම විහාරස්ථානයේදී පැවැත්වුණා. විහාරාධිපති පූජ්‍ය අංගම්පිටිය සුමංගල ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් එම කටයුතු සංවිධාන කර තිබුණේ.  සුමනාරාම පිරිවෙනෙහි වැඩවසන සාමනේර භික්ෂූන් වහන්සේ 25 නමකගේ දායකත්වය මීට ලැබී තිබුණා.

අඩු ආදායම්ලාභී පවුල් 800කට සහල් බෙදා දීම බේරුවල වලතර පරම රමණීයාරාම විහාරස්ථානයේ දී සිදු කෙරුණේ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රදානත්වයෙන්. පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ජපානයේ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් සුනිල් හේවගේ මහතා ඇතුලු ජපානයේ රැකියවල නියුතු ශ්‍රි ලාංකිකයින් මේ සඳහා දායකත්වය ලබා දී තිබුණා.

The post කොරෝනා හේතුවෙන් පීඩාවට පත් පාර්ශ්වවලට විවිධ අයුරින් සහාය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG