සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඑල නැවත සමීක්ෂණය සම්බන්ධයෙන් පාසල් ආරම්භ කිරීමෙන් පසු දැනුම් දෙන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
පාසල් අයදුම්කරුවන් විදුහල්පතිවරුන් මාර්ගයෙන් නැවත සමීක්ෂණය සඳහා අයදුම් කළයුතු බැවින් දැනට ඒ සඳහා ක්‍රමවේදයන් නොමැති බවයි විභාග දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ. ඒ අනුව නැවත සමීක්ෂණ කාලයන් පාසල් ආරම්භවීමෙන් පසු නිවේදනය කරන බව විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළා.
පසුගිය වසරේ පැවැති සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටි සිසුන් සංඛ්‍යාව පන් ලක්ෂ පනස් හයදහසක් දෙසීය පනස් හයක්. ඉන් සියයට 73 යි දශම 8 යි 4 ක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා සිටිනවා. එමෙන්ම සිසුන් දස දහස් තුන්සිය හතළිස් හය දෙනෙකු ඒ සාමාර්ථ ලබාගත්තා.
The post සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණය පාසල් ආරම්භවීමෙන් පසු appeared first on ITN News.
Post a Comment