Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන සේවකයින්ට දුම්රිය ප්‍රවාහන පහසුකම්  

Add comments

හදිසි තත්ත්වය යටතේ අත්‍යවශ්‍ය සේවකයින්ට රාජකාරි සදහා වාර්තා කිරීමට ප්‍රවාහන පහසුකම් සැලසීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

කොවිඩ් 19 මර්දන කාර්ය සාධක බලකායේ නියමයන්ට අනුව අත්‍යවශ්‍ය සේවා සදහා පැමිණෙන සේවකයින්ට දුම්රිය ප්‍රවාහන පහසුකම් සැලසීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා. වාර ප්‍රවේශපත්‍ර ලාභී තම සේවකයින් දුම්රියෙන් ප්‍රවාහනය කරවා ගැනීමට අපේක්ෂා කරන සේවා යෝජකයින් ඔන් ලයින් ක්‍රමය මගින් තම සේවකයින් දුම්රිය දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියේ ලියාපදිංචි කළ යුතුයි.

අවශ්‍ය මාර්ගගත පද්ධතියට ප්‍රවිෂ්ඨවීමට අවශ්‍ය පරිශීලක නාමයන් හා මුරපද ලබාගැනීම සදහා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් කළ යුතුයි. සියලු ඉල්ලීම් තම ආයතනයේ නිල විද්‍යුත් ලිපිනයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල විද්‍යුත් ලිපිනය වෙත යොමුකළ යුතු වනවා.

එසේ නොමැති නම් නිල මුද්‍රාව සහිත ලිපි ශීර්ෂයෙන් ෆැක්ස් මගින් යොමුකළ යුතුයි.

 

 

 

The post අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන සේවකයින්ට දුම්රිය ප්‍රවාහන පහසුකම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG