කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙරටට පැමිණීම නොහැකිව ඉන්දියාවේ බැංගලෝර් හි සිරව සිටින ශ්‍රී‍්‍ර ලාංකික සිසුන් 124 දෙනෙකු රැගෙන ඒම සඳහා විශේෂ ගුවන් යානයක් පිටත්ව ගියා.
පෙරවරු 9.10 ට ශ්‍රී‍්‍ර ලන්කන් ගුවන් සේවයේ යූ එල් 1172 දරණ යානය ඒ වෙනුවෙන් පිටත්ව ගිය බවයි ගුවන් තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ. ගුවන් නියමුවන් ඇතුලු කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකු එහි ගමන් කළා.
ලොවපුරා ගුවන් ගමන් අත්හිටුවා ගුවන් තොටුපොළවල් ද වසාදමා තිබීම හේතුවෙන් ගුවන් යානය ආපසු පැමිණීම සඳහා අවශ්‍ය වන ඉන්ධන ඇතුලු ද්‍රව්‍ය ද කටුනායකින්ම රැගෙන යාමට සිදුවුණා.
යානය පෙරවරු 10.30 ට බැංගලෝර් ගුවන් තොටුපොළට ළඟාවීමටයි නියමිත. එය දහවල් 12.55 ට යලි කටුනායකට පැමිණෙනවා.
The post බැංගලෝර් හි සිටින ශ්‍රී‍්‍ර ලාංකික සිසුන් රැගෙන ඒමට විශේෂ ගුවන් යානයක් පිටත්ව යයි appeared first on ITN News.
Post a Comment