Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පෙර පාසල් සහ පළමු, දෙවැනි ශ්‍රේණිත් විවෘත කිරීමට පියවර  

Add comments

දිවයිනේ සියලුම පාසල්වල 1 වන හා 2 වන ශ්‍රේණි, පෙර පාසල්, ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සහ ගුරු විද්‍යාල ආරම්භ කිරීම සදහා දින නියම කෙරුණා.

අධ්‍යාපන ආයතන යළි ආරම්භ කර සිසුන්ගේ කටයුතු පවත්වාගෙන යාම පිළිබද අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කරන්නේ.

ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ මාර්ගෝපදේශයන්ට අනුව පාසල්වල 1 වන හා 2 වන ශ්‍රේණිවල සිසුන්ගේ අධ්‍යයන කටයුතු ලබන මස 10 වනදා ආරම්භ කිරීමට නියමිතයි. පෙර පාසල් ද එදින ආරම්භ කෙරෙනවා.

එමෙන්ම සෑම පාසලකම විෂබීජහරණ කටයුතු පිළිබද ඉතා සැළකිල්ලෙන් සොයා බලන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශයට පළාත් සභා අධ්‍යාපන අමාත්‍යාංශවලට මෙන්ම පළාත් පාලන ආයතනවලට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා උපදෙස් ලබා දී තිබෙනවා.

සියලුම ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල 2 වන වසර ශික්‍ෂණලාභීන් සදහා නේවාසික අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම ලබන 7 වනදා සිට 31 වනදා දක්වා සිදු කෙරෙනවා. සියලුම ගුරුවිද්‍යාලවල 1 වසර හා 2 වන වසර සිසුන් සදහා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ ලබන 7 වනදායි.

ජාතික අධ්‍යාපන පීඨවල 3 වන වසර ශික්‍ෂණලාභීන් තම සීමාවාසී පුහුණුව සම්පූර්ණ කිරීම සදහා පාසල්වලට අනුයුක්ත කිරීම ද ලබන 7 වනදා සිට 31 වනදා දක්වා සිදුකෙරෙනවා. ලබන මස 10 වනදා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල 2 වන වසර ශික්‍ෂණලාභීන් සීමා වාසී පුහුණුව සදහා පාසල් වෙත අනුයුක්ත කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල 1 වසර ශික්‍ෂණලාභීන්ගේ නේවාසික අධ්‍යයන කටයුතු ලබන මස 17 වනදා ආරම්භ කිරීමට නියමිතයි.

මෙම සියලු ආයතනවල අධ්‍යයන කටයුතු ආරම්භ කළ ද දරුවන්ගේ සෞඛ්‍යාරක්‍ෂාව පිළිබද සැළකිලිමත් වන ලෙසයි අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඉල්ලා සිටින්නේ.

The post පෙර පාසල් සහ පළමු, දෙවැනි ශ්‍රේණිත් විවෘත කිරීමට පියවර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG