Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා මරණ ලක්ෂ 10 ඉක්මවයි  

Add comments

කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භයේ සිට මේ දක්වා ලොව පුරා රටවල් 213 කින් වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව ලක්ෂ 10 ඉක්මවා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.

වෛරසය ආසාදනය වී ඇති සමස්ථ රෝගීන් සංඛ්‍යාව තුන්කෝටි තිස්තුන් ලක්ෂය ඉක්මවා ඇති බවයි එම සංවිධානය තවදුරටත් සඳහන් කරන්නේ. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තාවන රට ඇමෙරිකාව වන අතර එරටින් හමුවී ඇති ආසාදිතයින් සංඛ්‍යාව හැත්තෑතුන්ලක්ෂ පනස්දහසකට ආසන්නයි. වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමෙරිකාවෙන් වන අතර එරට සිදුවී ඇති මරණ සංඛ්‍යාව 209,453ක්. ඉන්දියාව තුළද වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බවයි එරට සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. මේ වන විට එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව හැටලක්ෂ හැත්තෑපන්දහසට ආසන්න වනවා. කෙසේ වුවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුලිකත්වයෙන් ලොව පුරා රටවල් රැසක වෛරසයට එරෙහි එන්නතක් නිශ්පාදනය සඳහා පරීක්ෂණ කටයුතු සිදු කෙරෙනවා.

 

 

The post කොරෝනා මරණ ලක්ෂ 10 ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG