පසුගිය වසර පහළවෙන් වසර දහයකම රජයට අය විය යුතු බදු මුදල් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෙවා නොමැති බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සඳහන් කරනවා.
2016 හා 2017 යන වසර වලදී ජනාධිපතිවරයා විසින් ගෙවා ඇති බදු මුදල ඩොලර් 750ක් බවයි එම පුවත්පත තවදුරටත් සඳහන් කරන්නේ. ඔහුගෙන් අය විය යුතු සම්පූර්ණ බදු මුදල ඩොලර් මිලියන 427.4ක් බව ද වාර්තා වනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති ධූරය සඳහා තේරී පත්වීමත් සමඟ ඔහුගේ ව්‍යාපාර පාඩු ලබන බවයි ට්‍රම්ප් ව්‍යාපාර සමූහය සඳහන් කරන්නේ. 2018 වසරේ පමණක් ඔහු ලබා ඇති පාඩුව ඩොලර් මිලියන 47.4ක්. කෙසේ වුවද නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සිදු කරන චෝදනා මුළුමනින්ම අසත්‍ය බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
The post වසර 10ක් බදු මුදල් නොගෙවූ බවට ට්‍රම්ප්ට චෝදනාවක් appeared first on ITN News.
Post a Comment