ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හට ගෙන ඇති ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් එම ප්‍රාන්තයේ ජන ජීවිතය සම්පූර්ණයෙන් අඩාල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
උතුරු කැලිෆෝනියාවේ රෝහලක නේවාසික රෝගීන් සහ නිවාස සිය ගණනක ජීවත්වන ජනතාව ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. එම ප්‍රදේශයේ වයින් නිශ්පාදනය සඳහා වගා කළ මිදි අක්කර දහසක් පමණ ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. පැයට කිලෝමීටර් 120ක් පමණ වේගයෙන් හමනා අධික සුළං ධාරාව ගින්න සීඝ්රයෙන් ව්‍යාප්ත වීමට හේතු වී තිබෙනවා. කෙසේ වුවද සති කිහිපයක සිට පවත්නා මෙම ලැව්ගිනි තත්ත්වය ඇතිවූ ආකාරය පිළිබඳ මෙතෙක් අනාවරණය කර ගැනීමට සමත්වී නැහැ.
The post කැලිෆෝනියා ප්‍රාන්තයේ ලැව්ගිනි හේතුවෙන් ජන ජීවිතය සම්පූර්ණයෙන් අඩාලවෙයි appeared first on ITN News.
Post a Comment