රහස් පොලීසිය අත්අඩංගුවට ගත් වෙබ් අඩවි මාධ්‍යවේදියෙකු වන ඩෙස්මන් චතුරංග ද අල්විස් ලබන 14 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.
අධිකරණයට අපහාසාත්මකව හා රජයට ද්වේශ සහගතව සහ අපහාසාත්මකව අසත්‍ය පුවත් පළ කිරීම ඔහුට එරෙහිව ඇති චෝදනායි. රහස් පොලීසියට ලැබුණු පැමිණිලි මත සිදු කළ විශේෂ විමර්ශනයකින් පසුව චතුරංග ද අල්විස් ඊයේ (31) අත්අඩංගුවට ගැනුණා.
සැකකරු අද(01) දිනයේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි ලබන 14 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණේ. යහපාලන ආණ්ඩුව සමයේ ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති අංශයේ කළමනාකරුවෙකු ලෙස ද ඔහු කටයුතු කළා. එම කාලය තුළදී ද තම පෞද්ගලික වෙබ් අඩවි හරහා දේශපාලන චරිත හා පුද්ගල චරිත ඉලක්ක කර ගනිමින් ද්වේශ සහගත හා අසත්‍ය පුවත් පළ කිරීම සම්බන්ධයෙන් ද ඔහුට විවිධ චෝදනා එල්ල වී තිබෙනවා.
සමඟි ජන බලවේගයේ මාධ්‍ය ඒකකයේ ද ප්‍රබල ක්‍රියාකාරිකයෙකු ලෙස චතුරංග අල්විස් කටයුතු කරනවා.
The post වෙබ් මාධ්‍යවේදී චතුරංග ද අල්විස් 14 වැනිදා දක්වා රිමාන්ඩ් appeared first on ITN News.
Post a Comment