ජපාන නව අග්‍රාමාත්‍ය ධුරය සඳහා සුදුස්සෙකු පත්කර ගැනීම සරළ ක්‍රමවේදයකින් සිදුකිරීමට එරට පාලක ලිබරල් ඩිමොක්රටික් පක්ෂය ඒකමතිකව තීරණයකර තිබෙනවා. පවතින වෛරස් ව්‍යාප්තිය හමුවේ සංකීර්ණ වූ ක්‍රියාවලියක් සඳහා යොමුවීම සුදුසු නොවන බවයි එම පක්ෂය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. දීර්ඝ කාලයක් ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ ෂින් සෝ අබේ ධුරයෙන් ඉවත්වීමෙන් අනතුරුව එම තනතුරට ඉහළ පෙළේ කිහිප දෙනෙකු තරඟවැදීමට ඉදිරිපත්ව සිටිනවා. ජපාන කැබිනට් මණ්ඩලයේ ලේකම් යොෂිහිඩේ සුගායන් සහ එරට විදේශ අමාත්‍ය ෂුන්යේ කිෂීඩා ද ඒ අතර වනවා.
The post ජපාන අගමැති ධුරය සඳහා සුදුස්සෙකු පත්කර ගැනීමට සරළ ක්‍රමවේදයක් appeared first on ITN News.
Post a Comment