ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම් ටී නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා මේ වන විට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටිනවා.
ග්‍රීක ජාතික තිරෝස් හිලියාස් මහතා මෙසේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණියේ පසුගිය 17 වනදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නිකුත්කළ නොතීසියකට අනුවයි. විමර්ශන සිදුකරණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබුණා. නෞකාව ගිනි ගැනීමට ලක්වූ අවස්ථාවේ එය මැඩපැවැත්වීම සඳහා ස්වයංක්‍රීය ආරක්ෂණ ක්‍රම අනුගමනය නොකිරීම සහ ගින්න පිළිබඳ වග කිවයුතු ආයතන දැනුවත් නොකිරීම සම්බන්ධයෙන් කපිතාන්වරයාට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.
The post නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් අධිකරණය හමුවට appeared first on ITN News.
Post a Comment