නව ඉඩම් ප්‍රතිසංස්කරණ කෙටුම්පතට විරෝධය දක්වමින් ඉන්දියාවේ ගොවීන් පවත්වන විරෝධතා ව්‍යාපාර අද දිනයේද ක්‍රියාත්මක වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
අද උදෑසන දිල්ලි නගරයේ පැවති උද්ඝෝෂණ අතරතුරදී මාර්ගය අවහිර කරමින් නවතා තිබූ ට්‍රැක්ටර් රථයකටද උද්ඝෝෂකයින් ගිනි තැබුවා. මධ්‍යම රජයේ ක්‍රියා පිළිවෙතට එරෙහිව ගොවීන්ගේ කලකිරීම මෙමගින් පිළිඹිඹු වන බවයි පංචාබ් ප්‍රාන්ත මහ ඇමතිවරයා මාධ්‍ය හමුවේ සඳහන් කර සිටියේ. ගොවි නිෂ්පාදන මිලදී ගන්නා ක්‍රියාපටිපාටිය පිළිබඳව හෝ මිල ගණන් පිළිබඳව එම කෙටුම්පතේ කිසිඳු සඳහනක් කර නොමැති අතර පසුගිය සති කිහිපයක කාලයක සිට ඉන්දීය ගොවීන් ඒ සම්බන්ධයෙන් තම විරෝධතාව පළකර සිටිනවා. නව නීතිය අනුව ඕනෑම පුද්ගලයෙකුට තමන්ට අවශ්‍ය ප්‍රාන්තයකින් වගා කටයුතු සඳහා ඉඩම් මිලදී ගැනීමේ හැකියාව ලබාදීම අතිශය භයානක තත්ත්වයක් උද්ගත කරනු ඇති බවයි විශ්ලේෂකයින් සඳහන් කරන්නේ.
The post ඉන්දියාවේ ගොවීන් පවත්වන විරෝධතා අඛණ්ඩව appeared first on ITN News.
Post a Comment