බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ හට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් පැවැත්වුණු උද්ඝෝෂණ සදහා සහභාගී වු සිය ගණනක් අත්අඩංගුවට ගැනීමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා.
පසුගිය මාසයේදී එරට පැවති ජනාධිපතිවරණය දූෂිත බව පවසමිනුයි විරෝධතා ක්රියාත්මක වන්නේ. වසර 27ක් පුරා ජනාධිපතිධුරය හොබවන ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ ඒකාධිපති පාලකයෙකු ලෙසයි විරෝධතාකරුවන් හදුන්වන්නේ. රුසියාව සමග පවත්නා දැඩි දේශපාලන සබදකම් හේතුවෙන් ඔහු ධුරයෙන් ඉල්ලා අස්නොවන බව විශ්ලේෂකයින් සදහන් කරනවා. කෙසේ වුවද පසුගිය සතියේ දී ඔහු ඉදිරි වසර 5 සදහා ද එරට ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නා.
The post බෙලරූස් උද්ඝෝෂණ වලට සහභාගී වු සිය ගණනක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment