වසර 50 කට පමණ පසුව දංකොටුව යෝගියාන දික්වෙල බුලනවැවේ ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව අවසන් කෙරුණා. අනතුරුව වැවෙන් ජලය නිකුත් කිරීම පසුගියදා සිදුකෙරුණා.
ගෝඨයිම්බර යෝධයා ඉදිකළ බව කියැවෙන බුලනවැව වසර ගණනාවක සිට භාවිතයට ගැනීමට නොහැකි තත්ත්වයක පැවතුණා. සරසවි කලා සංගමයේ මූලිකත්වයෙන් එහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරුණේ ප්‍රදේශයේ ගොවි පවුල් රැසකට සෙත සලසමින්. ජල බුබුලු මඟින් නිරන්තරයෙන් මෙම වැවට ජලය එකතුවීම විශේෂත්වයක්. වැවේ ප්රතිසංස්කරණයත් සමඟ කුඹුරු අක්කර 40 ක් පමණ අස්වැද්දීමේ හැකියාව උදා වනවා. දියවර නිකුත් කිරීම රාජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න , අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.
The post දංකොටුව යෝගියාන දික්වෙල බුලනවැවේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් appeared first on ITN News.
Post a Comment