අලෙවියේ පහසුව වෙනුවෙන් පොල් ගෙඩියේ වට ප්‍රමාණය මැනීම සඳහා පාරිභෝගික අධිකාරියෙන් උපකරණයක් හඳුන්වා දුන්නා. නව පොල් මිල හා මිනුම් ක්‍රමය ගැන වෙළෙඳ ප්‍රජාව දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පොල් ගෙඩියක් අලෙවිකළ හැකි උපරිම මිල දක්වමින් ගැසට් නිවේදනයක් නිකුත් කළේ ඉකුත් විසි පස්වෙනිදායි. ඒ අනුව පොල් ගෙඩියක මිල එහි වට ප්‍රමාණය අනුව තීරණය කරනු ලබනවා. වට ප්‍රමාණය අගල් දහතුනට වැඩි පොල් ගෙඩියක් රුපියල් 70 ක් වන අතර වට ප්‍රමාණය 12 – 13 ත් අතර පොල් ගෙඩියක් අලෙවිකළ හැකි මිල ප්‍රමාණය වනුයේ රුපියල් 65 ක්. එමෙන්ම වට ප්‍රමාණය අගල් දොළහට අඩු පොල් ගෙඩියක් රුපියල් 60 ට අලෙවිකළ හැකියි. කෙසේ වෙතත් මෙම මිල ගණන් යටතේ පොල් විකිණීම සම්බන්ධයෙන් අප විමසීමක් සිදුකළ අතර අපහට ද දැකගත හැකිවූයේ බොහෝ ස්ථානවල එම වට ප්‍රමාණ සැලකිල්ලට ගනිමින් පොල් අලෙවි කිරීම සිදු නොවන ආකාරයයි. මෙම තත්ත්වය හමුවේ පොල් ගෙඩියක වට ප්‍රමාණය මැන ගැනීම සදහා උපකරණයක් හදුන්වා දීමට පාරිභෝගික සේවා අධිකාරිය කටයුතු කළා. ඒ අද කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමින්.
මේ අතර පාරිභෝගික අධිකාරියේ වැටලීම් අංශය විසින් අද නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය සහ දෙමටගොඩ පොදු වෙළදසැල් පරිශ්‍රයේහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එහිදී නව පොල් මිල ගණන් සහ මිනුම් ක්‍රමවේදය පිළිබදව වෙළද ප්‍රජාව දැනුවත් කිරීමට ද කටයුතු කළා.
එමෙන්ම පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික සංවිධානය අද නාරාහේන්පිට සති පොළ භූමියේ පොල් මිල ගණන් පිළිබද ව නිරීක්ෂණයක් සිදුකළා.
The post ගෙඩිය මනින මීටරයෙන් පොල් ගෙඩිය තවත් අර්බුදයක appeared first on ITN News.
Post a Comment