ලෝක සංචාරක දිනය අදට යෙදී තිබෙනවා. ලෝකයේ බොහෝ රටවල ආකර්ශනය දිනාගත් ස්ථාන දැක බලා ගැනීමට සංචාරකයින් දක්වන්නේ මහත් උනන්දුවක්.
තිරසාර වගකිව යුතු සහ විශ්වීයව සැමට සමීප විය හැකි සංචාරක ක්ෂේත්රයක් බිහිකිරීමේ අරමුණ ඇතිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක සංචාරක සංවිධානය මෙම දිනය ප්‍රකාශයට පත් කළේ 1980 වසරේදීයි. එතැන් සිට සෑම වසරකම සැප්තැම්බර් 27 වනදා ලෝක සංචාරක දිනය සමරනවා. මෙවර එහි තේමාව වන්නේ සංචාරක හා ග්‍රාමීය සංවර්ධනය යන්නයි. දිගු කාලීනව සමස්ථ ආර්ථික සංවර්ධනයක් ලගා කර ගැනීම සදහා බිම් මට්ටමේ සිට ජනතාව කෙන්ද්‍ර කරගත්, තාක්ෂණය මත පදනම් වූ සහ තිරසර සංවර්ධනයක් සංචාරත ක්ෂේත්රය ඔස්සේ ඇති කිරීම ලෝක සංචාරක දිනයේදී අරමුණු කෙරෙන ඉලක්කයක්.
කොරෝනා වසංගතයත් සමග ලෝකයේ රටවල් රැසක සංචාරක කර්මාන්තය දැඩි පසුබෑමට ලක් වුණා.ශ්‍රී ලංකාව වැනි දූපත් රාජ්‍යයන්ට මෙන්ම සංචාරක කර්මාන්තය මත පදනම් වූ බොහෝ රටවලට අත්විදින්නට සිදු වුණේ ආර්ථික අර්බුදයකටයි. නමුත් වසංගත තත්ත්වය මත ජනතා ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදීමට ශ්‍රී ලංකාව කටයුතු කිරීම ප්‍රශංසනීය බවයි බොහෝ දෙනාගේ අදහස.
ජාත්‍යන්තර සංචාරක දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ සංචාරක කර්මාන්තය නව මාවතකට යොමුව ඇති යුගයකදී ජාත්‍යන්තර සංචාරක දිනය සැමරීමට යෙදී ඇති බවයි. ප්‍රෞඪ ඉතිහාසයකට හා සංස්කෘතියකට උරුමකම් කියන ශ්‍රී ලංකාව වැනි රටකට සංචාරක දිනය යෙදෙන මේ මොහොත අවස්ථා රැසක් නිර්මාණය කරන බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා.සුවහසක් ලෝක වාසී සංචාරකයින් ශ්‍රී ලංකාවේ ස්වභාවික පිහිටීමටත් දේශගුණික තත්ත්වවල සුවදායීත්වයටත්,සරල ජීවන ස්වභාවයටත්, ඓතිහාසික වටිනාකම් සහිත ස්ථානවලටත් ඇදී ඒම ඈත අතීතයේ පටන් සිදු වූවක් බව අගමැතිතුමා සිය පණිවුඩයෙන් පෙන්වා දී තිබෙනවා. ස්වභාව සෞන්දර්ය මෙන්ම ආගන්තුක සත්කාරයෙන් අනූන රටක් ලෙස ලොව හමුවේ අභිමානයෙන් නැගී සිටින ශ්‍රී ලංකාව කොරෝනා වසංගතය හමුවේ සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමට කටයුතු සූදානම් කර ඇති බවද අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයෙහි දක්වා තිබෙනවා.
ලෝක සංචාරක දිනය වෙනුවෙන් මෙරට සංවිධාන කෙරුණු ප්‍රධානතම උළෙල කැන්ඩි සිටි සෙන්ටර් හිදී අද පැවැත්වුණා. ඒ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්. යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මෙහිදී විශේෂ දේශනයක් පැවැත්වුවා. සංචාරක දිනය වෙනුවෙන් පැවති තරග ඉසව්වලින් ජයග්‍රහණය කළ පාසල් සිසු දරුදැරියන්ට ත්‍යාග හා සහතික පත්‍ර පිරිනැමීමද මෙහිදී සිදු කෙරුණා. රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව වන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post ලෝක සංචාරක දිනය අදයි appeared first on ITN News.
Post a Comment