ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේ කැලණිවැලි දුම්රිය මාර්ගය විදුලි දුම්රිය මාර්ගයක් ලෙස සංවර්ධනය කෙරෙනවා.
කැලණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලේ ප්‍රථම අදියර ලෙස මාර්ගය දෙපස අනාරක්ෂිත ලෙස පදිංචිව සිටින ජනතාව ඉවත් කර නව නිවාස ලබාදීමට නියමිතයි. ඒ අනුව දැනටමත් දෙමටගොඩ ප්‍රදේශයේ දුම්රිය මග දෙපස පදිංචි වී සිටි ජනතාව ඉවත් කර ලක්හිරු සෙවණ මහල් නිවාස යෝජනාව යටතේ නිවාස ලබාදීම සිදුකර තිබෙනවා. මේ වන විට පවුල් 70 ක් පමණ එහි පදිංචි කර ඇති අතර වැය කර ඇති මුදල රුපියල් මිලියන 280 ක් බව කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය සදහන් කළා. තවත් නිවාස සීයක් පමණ ඉදිරියේදී ලබා දීමට නියමිතයි. ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාර මත ඉදි කෙරෙන නව විදුලි දුම්රිය මාර්ගය ප්‍රවාහන අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා දුම්රිය සේවයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරෙනවා. කැලණිවැලි දුම්රිය මාර්ගය දෙපස ජනතාව වෙනුවෙන් නව නිවාස ඒක්දාස් හයසිය තිහක් පමණ ලබාදීමට සැලසුම් කර තිබෙනවා.
The post කැලණිවැලි දුම්රිය මාර්ගය දෙපස ජනතාව වෙනුවෙන් නව නිවාස appeared first on ITN News.
Post a Comment