කොරෝනා හා සටන් වැදීමට, වෛරසයට එරෙහි එන්නතක් නිශ්පාදනය කිරීමට ඇති තමන් සතු හැකියාව ලබා දෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සදහන් කරනවා.
වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ. වෛරසයට එරෙහිව නිපදවන එන්නත ගබඩා කිරීම හා බෙදා හැරීමට අවශ්‍ය පහසුකම් ලබා දීමට තම රට සතුව හැකියාව පවතින බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සදහන් කර සිටියා. එරට අත්හදා බැලෙන වෛරසයට එරෙහි එන්නතෙහි පරික්ෂණ තුන්වන අදියරේ පවත්නා අතර සෞඛ්‍ය අංශවල අනුමැතිය ලැබූ වහා එය නිශ්පාදනය කිරීම ආරම්භ කරන බව නරේන්ද්‍ර මෝදි මහා මණ්ඩල සැසිය අමතමින් තවදුරටත් සදහන් කරනවා. කෙසේ වුවද මේ වන විට එරට සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ හැටකට ආසන්න වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව අනූපන්දහසකට ආසන්න වනවා.
The post මෝදි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතයි appeared first on ITN News.
Post a Comment