බෙලිඅත්තෙන් ආරම්භ වූ සෞභාග්‍යයේ සාම චාරිකාව යටතේ උතුරු පළාතේ දිළිඳු පවුල් වෙනුවෙන් වියළි ආහාර බෙදාදීම ගැබිනි මව්වරුන් සදහා පෝෂණ මලු ලබාදීම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
බෙලිඅත්තෙන් දුම්රිය චාරිකාවක් ලෙස ආරම්භ වූ සෞභාග්‍යයේ සාම චාරිකාව වේයන්ගොඩ, අලව්ව, පොල්ගහවෙල, අනුරාධපුර ඇතුළු දුම්රිය ස්ථාන කිහිපයකදී විවිධ වැඩසටහන්වල නිරත වුණා. නාගොල්ලාගම දුම්රිය ස්ථානයේදී සාම චාරිකාව සදහා සාංඝික දානයක් පිලිගන්වනු ලැබූ අතර පිරිත් සජ්ඣායනා මාධ්‍ය යේ ඓතිහාසික අනුරාධපුර නගරයට ලඟා වුණා. පසුව කන්කසන්තුරය බලා සෞභාග්‍යයේ සාම චාරිකාව පියත්ව ගිය අතර එහිදී උතුරු පළාතේ ජනතාව වෙනුවෙන් විවිධ සමාජ සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
The post සෞභාග්‍යයේ සාම චාරිකාව අනුරාධපුරයට ලඟා වෙයි appeared first on ITN News.
Post a Comment