Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අල බීජ දේශීයව නිශ්පාදනය කිරීමේ වැඩපිළිවෙල සාර්ථකයි  

Add comments

අල බීජ දේශීය වශයෙන් නිශ්පාදනය කිරීම සදහා ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ආරම්භ කළ වැඩපිළිවෙල සාර්ථක වුණා.

අල බීජ දේශීය වශයෙන් ලබා ගැනීම සදහා වැලිමඩ වක්කඩහින්න ප්‍රදේශයේ දී ව්‍යාපෘතියක් ආරම්භ කෙරුණා. උසස් තත්ත්වයේ පටක රෝපණ අර්තාපල් බීජ ගොවීන්ට ලබාදුන් අතර වගාවට අවශ්‍ය කෙරෙන තාක්ෂණික දැනුම ද ලබා දී තිබෙනවා. ඒ අනුව සිදුකළ වගාවේ අස්වනු නෙලීම මේ දිනවල සිදුවනවා.

බදුල්ල දිස්ත්‍රික්කයේ ගොවීන් 45 දෙනෙකු මෙම වැඩසටහනට එක්කර ගැනුණා. අර්තාපල් බීජ හොන්ඩරයක් සදහා මේ වන විට ගොවීන් රුපියල් විසිදහසක් පමණ වැය කරනවා. නව බීජ නිශ්පාදනයත් සමග ඒ සදහා වැය කිරීමට සිදුවන්නේ රුපියල් දහසක පමණ අඩු මුදලක්. එමෙන්ම රසායනික පොහොර අඩුකර කාබනික පොහොර භාවිතය වැඩි කිරීම ද මෙම වගාවේ විශේෂත්වයක්. අර්තාපල් බීජ සදහා විශාල වශයෙන් විදේශයන්ට ඇදී යන මුදල් අවම කර ගැනීමට මේ තුළින් හැකියාව උදා වනවා.

 

 

 

The post අල බීජ දේශීයව නිශ්පාදනය කිරීමේ වැඩපිළිවෙල සාර්ථකයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG