ඇමෙරිකාවේ ප්‍රදේශ කිහිපයක නළ ජලය තුළ මාරාන්තික ක්‍ෂුද්‍ර ජීවීන් අන්තර්ගත බැවින් එම ජලය කිසිදු ලෙසකින් භාවිත කිරීමෙන් වළකින ලෙස ජනතාව දැනුවත් කර තිබෙනවා.
ලේක් ජැක්සන් හා ටෙක්සාස් යන ප්‍රදේශවල ජනතාවටයි මෙලෙස නළ ජලය භාවිත කිරීමෙන් වළකින ලෙස දන්වා ඇත්තේ. මොළයේ ශෛල ආහාරයට ගන්නා මෙම ක්‍ෂුද්‍ර ජීවීන් අතිශය මාරාන්තික බව ඇමෙරිකා සෞඛ්‍ය අංශ සදහන් කරනවා. මෙය මාරාන්තික තත්ත්වයක් වන්නේ ක්‍ෂුද්‍ර ජීවීන් අඩංගු ජලය නාසය තුළින් ශරීරයට ඇතුලු වුවහොත් පමණයි. කෙසේ වුව ද 2009 වසරේ සිට 2018 වසර දක්වා මෙම මරාන්තික තත්ත්වයට ගොදුරු වූ පිරිස 34 ක් බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.
The post ඇමෙරිකාවේ ප්‍රදේශ කිහිපයක නළ ජලය තුළ මාරාන්තික ක්‍ෂුද්‍ර ජීවීන් appeared first on ITN News.
Post a Comment