මහවැලි ජාන පදිකයන්ගේ ඉඩම් ආරවුල් විසදා ඔවුන්ගේ ඉඩම් හිමිකම් තහවුරු කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අපේක්ෂාව බව රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පවසනවා.
අම්පාර රඹකැන් ඔය මහවැලි කලාපයේ විශේෂ ජංගම සේවා වැඩසටහනකට ඒක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළා. මහ ඔය මහවැලි පුහුණු මධ්‍යස්ථානයේදී පැවති මෙම ජංගම සේවාව සදහා පොල්ලෙබැද්ද හා පදියතලාව මහවැලි කලාපවලට අයත් ජනතාව සිය ගැටලු විසදා ගැනීම සදහා පැමිණ සිටියා. මහවැලි ජාන පදිකයන්ට අභිමානයෙන් ජීවත් වීම සදහා අවශ්‍ය වාතාවරණය ගොඩ නැගීමේ ජනාධිපතිතුමාගේ උත්සාහය යථාර්ථයක් බවට පත්කිරීමට සියලු මහවැලි නිලධාරීන් සහයෝගය ලබා දිය යුතු බවයි සිරිපාල ගම්ලත් මහතා කියා සිටියේ. රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රි ඩබ්ලිව් ඩී වීරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post අම්පාර රඹකැන් ඔය මහවැලි කලාපයේ විශේෂ ජංගම සේවා වැඩසටහනක් appeared first on ITN News.
Post a Comment