මෙරට කැනේඩියා මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා හා අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතර හමුවක් වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැත්වුණා.
ශ්‍රී ලංකාව හා කැනඩාව අතර වෙළෙඳ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම සදහා වූ යෝජනා කිහිපයක් පිළිබඳ මෙහිදී කරුණු සාකච්ඡා කෙරුණා. මෙරට නිෂ්පාදනය කෙරෙන සාම්ප්‍රදායික නොවන නිෂ්පාදන සඳහා කැනඩාවේ වෙළෙඳපොළ සැකසීමටත් එමගින් ජාත්‍යන්තර මට්ටමේ වෙළෙඳ සහයෝගීතාවක් ශ්‍රී ලංකාවට ලබා දීමටත් කැනේඩියා මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා මෙහිදී එකඟතාව පළ කළා.
මේ අතර යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා හා මාලදිවයින් නියෝජිත මණ්ඩලයේ සභාපති හා තානාපති ඩෙනිස් චායිබි සහ එම සංගමයේ නියෝජ්‍ය අධ්යක්ෂ දේශපාලනික වෙළෙඳ හා සන්නිවේදන අංශ ප්‍රධානී තර්ස්ටන් බාග්ෆ්‍රෙඩ් යන මහත්වරුන් ඇතුලු පිරිසක් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා හමුවුණා.
The post මෙරට කැනේඩියා මහ කොමසාරිස් ඇමති බන්දුල හමු වෙයි appeared first on ITN News.
Post a Comment