Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු පළාතට කුරුඳු වගාව ව්‍යාප්ත කිරීමට සැලසුම්  

Add comments

දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල යටතේ අපනයන බෝග සංවර්ධනයට රජය නව පියවර ගනිමින් සිටිනවා. මේ යටතේ උතුරු පළාතට මෙතෙක් ආවේණික නොවූ බෝගයක් වන කුරුඳු වගාව ව්‍යාප්ත කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

විශේෂයෙන් දකුණු පළාතට ආවේණික බෝගයක් ලෙසයි කුරුඳු වගාව සැලකෙන්නේ. එහෙත් උතුරු පළාතේ දේශගුණික තත්ත්වයද කුරුඳු වගාවට හිතකර බව මේ වන විට සනාථ වී තිබෙනවා. ආදර්ශ වගාවක් ලෙස වව්නියාවේ වගාකළ කුරුඳු පැළවලින් සාර්ථක ප්‍රතිඵල අත්කර දී ඇති බවයි නිලධාරීන් පවසන්නේ. වව්නියාව බෝගස්වැව ප්‍රදේශයේ අක්කර 3 ක ප්‍රදේශයක ආදර්ශ වගාවක් ලෙස වගාකර තිබූ කුරුඳු පැළවල අස්වැන්න නෙළා තිබෙනවා. වව්නියාව දිස්ත්‍රික්කයේ වගා කළ හැකි බිම් විශාල වශයෙන් පවතින හෙයින් කුරුඳු වගාව ව්‍යාප්ත කිරීමට පියවර ගන්නා බව වව්නියාව දිසා ලේකම් සමන් බන්දුලසේන මහතා පවසනවා.

 

 

 

 

The post උතුරු පළාතට කුරුඳු වගාව ව්‍යාප්ත කිරීමට සැලසුම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG