මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා ලැබ සිටින මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ලබන 12 වනදා දක්වායි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලැබූ මත්ද්‍රව්‍ය තොග ජාවාරම් කළ බවට චෝදනා ලැබ සිටින පොලිස් නිලධාරීන් පිළිබද නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ අද යළි විභාගයට ගැනුණා. කෙසේ වුවද අද දිනයේද සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ. විමර්ශන නිලධාරීන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කියා සිටියේ මෙම සැකකරුවන් මාතර සිට බලපිටිය දක්වා හෙරොයින් කිලෝග්‍රෑම් 130 ක් ප්‍රවාහන කිරීමේ සිද්ධියට අදාළව මංජු නමැති සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකරන බවයි. එහිදී පිස්තෝල දෙකක් සහ ටී 56 ගිනි අවි දෙකක් සොයා ගෙන තිබෙනවා. ඉන් එක් පිස්තෝලයක් 1996 වසරේ දෙසැම්බර් 31 වනදා ශ්‍රී ලංකා යුද හමුදාව, යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයට නිකුත් කළ අවියක්. යුද හමුදාව සතු ගිනි අවියක් මෙලෙස පාතාල සාමාජිකයන් අතට පත්වූයේ කෙසේද යන්නත්,එම ගිනි අවිය නිකුත් කර තිබුණේ කුමන නිලධාරියාටද යන්න පිළිබදවත් වැඩිදුර විමර්ශන සිදු කිරීමේ අවශ්‍යතාව දිලීප පීරිස් මහතා පෙන්වා දුන්නා. සැකකරුවන් බැදුම්කරයක් මත මුදා හරින ලෙස කර ඇති ඉල්ලීම පිළිබද තවදුරටත් කරුණු දැක්වීමට අවශ්‍ය බවට විත්තියේ නීතීඥවරයා කළ ඉල්ලීමට අනුව ඒ සදහා ලබන 07 වනදාට දිනය ලබාදුන්නා.
The post නාකොටික් 13 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට appeared first on ITN News.
Post a Comment