ස්වාධීන රූපවාහිනී මනුෂ්‍යත්වයේ සත්කාරය යටතේ ඉදිකළ තවත් නිවහනක අයිතිය පවරාදීම අද සිදුකෙරුණා. ඒ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන්.
තන්තිරිමලේ තම්බියාව ධර්මපාල විදුහලේ ඉගෙනුම ලබන ප්රභානි තස්මිලා සිසුවිය වෙනුවෙන් හා ඇගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් ඉදිකෙරුණු නව නිවහන ඔවුන් වෙත භාර දීම මෙහිදී සිදුකෙරුණා. අදට යෙදෙන ලෝක ළමාදින වැඩසටහනට සමගාමීවයි එය සිදුකෙරුණේ. කොරෝනා වසංගත සමයේ ස්වාධීන රූපවාහිනිය ක්‍රියාවට නැංවූ මනුෂ්‍යත්වයේ සත්කාරය වැඩසටහන රජරට පුරවරය ආවරණය වන පරිදි ක්‍රියාවට නැංවුණා. එහිදී නිවසක් නොමැතිව දිවි ගෙවන මෙම දියණියගේ ඉල්ලීම පිළිබද අවධානය යොමු කිරීමෙන් අනතුරුව ඔවුන්ට මෙසේ හිසට වහලක් ලබාදීමට පියවර ගැනුණා.
ස්වාධීන රූපවාහිනිය සමග අත්වැල් බැදගනිමින් ලංකා බැංකුව, තන්තිරිමලේ අධ්‍යාපන කලාප කාර්යාලය, කොළඹ රාජකීය විදුහලේ පරිත්‍යාගශීලීන් මෙන්ම කුලසිරි විජේසූරිය මහතා ද මෙම සත්කාර්යයට එක්වුණා. රංගන ශිල්පී දිමුතු චින්තක මහතා මෙම වැඩපිළිවෙළ සම්බන්ධීකරණය කළා. මෙම වැඩසටහනට සමගාමීව තම්බියාව ධර්මපාල විද්‍යාලයේදී ලෝක ළමා දින සැමරුම් උත්සවයක් ද පැවැත්වුණා.
ඒ කොළඹ රාජකීය විද්‍යාලයේ ගුරුවරුන්, මව්පියන්, සිසු දරුවන් හා ආදි සිසුන්ගේ අනුග්‍රහය යටතේයි. විලච්චිය හා තන්තිරිමලේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් දහසකට පාසල් පාවහන් හා පාසල් උපකරණ පරිත්‍යාග කිරීම, රෝගී දරුවන්ට මුදල් පරිත්‍යාග ලබා දීම, උසස් පෙළ සිසුන්ට ශිෂ්‍යත්ව ලබා දීම ඇතුලු වැඩසටහන් ද ක්‍රියාත්මක වුණා.
The post රූපවාහිනී මහගෙදරින් තන්තිරිමලේ තස්මිලාට ගෙයක් appeared first on ITN News.
Post a Comment