ඊයේ (27) දිනය තුළ නව කොරෝනා ආසාදිතයින් 473 දෙනෙකු ද හදුනා ගැණුනා.
ඊයේ දිනය තුළ හදුනා ගත් නව කොරෝනා ආසාදිතයින් 473 දෙනා අතර විදේශවල සිටි පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ද වනවා. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 138 ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 63 දෙනෙකු හා රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 35 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.
ඒ අනුව මිනුවන්ගොඩ පෑලියගොඩ කොවිඩ් පොකුර දහනවදහස් හාරසිය තිස්එක දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. ඉන් ආසාදිතයින් දොළොස්දහස් හත්සිය අනූතුන්දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා.
ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව විසිදෙදහස් පන්සිය එකක්. ඒ අතරින් ආසාදිතයින් දහසය දහස් දෙසිය විසිහයක් පූර්ණ සුවය ලබා ඇති අතර තවත් හයදහස් එකසිය හැටඅට දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. වෛදය අධීක්ෂණයට යටතේ පසුවන සංඛ්‍යාව හත්සිය විසි පහක්.
මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව සියය ඉක්මවා ගියා. ඒ ඊයේ රාත්‍රියේ තවත් කොවිඩ් මරණ 8 ක් වාර්තාවීමත් සමගයි. මේ අතර
The post ඊයේ ආසාධිතයන් 473යි – සමස්ත ආසාධිතයන් 22,501 දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment