මේ මස 20 වන දින බල සංක්‍රාන්තයට තමා සූදානම් බව ඇමෙරිකා ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඇමෙරිකා කොංග්‍රස් මණ්ඩලය මඟින් තේරීපත්ව සිටින ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පත්වීම සනාථ කිරීමෙන් අනතුරුව ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව කියා සිටියා.
පසුගිය වසරේ නොවැම්බර් මස පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල තමා කිසිසේත් අනුමත නොකරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු වැඩිදුරටත් පවසන්නේ මැතිවරණ වංචා සිදුව ඇති බවයි. මැතිවරණ වංචාවලට එරෙහිව නඩු 60 ක් පමණ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගොණුකර තිබුණා. ඉන් බොහෝමයක් ඇමෙරිකා ප්‍රාන්ත අධිකරණ ප්‍රතික්ෂේප කර තිබුණා. ජෝබයිඩ්න්ගේ ජය තහවුරු කිරීම පිනිස කොංග්‍රස් මණ්ඩලය ඊයේ පැවති රැස්වීම අතරතුර ට්‍රම්ප්ගේ ප්‍රතිවාදීන් කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ලට කඩා වැදී ඇති කළ නොසන්සුන්තාව හේතුවෙන් පුද්ගලයින් 04 දෙනෙකු මිය ගියා.
The post බල සංක්‍රාන්තයට සූදානම් බව ට්‍රම්ප් කියයි appeared first on ITN News.
Post a Comment