යුක්රේනයේ තවත් සංචාරකයන් 183 දෙනෙකුගෙන් සමන්විත ගුවන් යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා වුණා. නිරෝධායන නීතීන්ට අනුව ඔවුන්ට මෙරට සංචාරය කිරීමේ අවස්ථාව උදා වනවා.
මේ අතර විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සදහා ගුවන් ගමන් වාර සංඛ්‍යාව ඉදිරි සතියේ සිට වැඩි කිරීමටයි තීරණය කර ඇති බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කරනවා. මෙසේ පැමිණෙන අය නිරෝධායනය කිරිම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගත් ක්‍රියාමාර්ගය අගය කරන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.
The post තවත් යුක්රේන සංචාරකයන් 183 දෙනෙකු රැගත් ගුවන් යානයක් මත්තලට appeared first on ITN News.
Post a Comment