දකුණු ආසියාවේ විශාලතම මත් පෙති තොගය සොයා ගැනීමට රේගු නිලධාරීන් අද සමත් වුනා.
ඒ මධ්‍යම තැපැල් හුවමාරුවේදීයි. තැපැල් හුවමාරුවට ලැබී තිබුණු පාර්සල් කිහිපයක් පිලිබද ශ්‍රී ලංකා රේගුව විමර්ශන ආරම්භ කර තිබුණා. එම විමර්ශනවලදී 18000 කින් යුතු මත්පෙති තොගය සොයාගෙන තිබෙනවා. කිලෝග්‍රෑම් 09 ක බරකින් යුතු මත්පෙති තොගයේ වටිනාකම රුපියල් කෝටි 13 ඉක්මවන බව රේගුව සදහන් කළා. බළලුන්ගේ ආහාර ගෙන්වන පැකට් තුළ ඇසුම්කර මෙම මත්පෙති එවා ඇත්තේ බෙල්ජියමේ සිට බවටයි හෙළි ව තිබෙන්නේ.
The post රේගුදැලේ පැටලුනු දකුණු ආසියාවේ ලොකුම මත්පෙති තොගය appeared first on ITN News.
Post a Comment