වව්නියාව දිස්ත්‍රික්කයේ හෙක්ටාර තිස්පන් දහසක වී වගා කිරීමට පියවර ගෙන තිබෙනවා.
මෙවර ප්‍රමාණවත් පරිදි වැසි ලැබීමත් සමග වී වගාව සාර්ථක කර ගැනීමට හැකිවී ඇති බවයි ගොවිජන සේවා නිලධාරීන් පවසන්නේ. හෙක්ටාර තිස්පන් දහසක වී වගාව සදහා අවශ්‍ය පොහොර සහනාධාරය ලබාදීමට ද රජය කටයුතු කර තිබෙනවා.
ප්‍රමාදයකින් තොරව එම කටයුතු සිදුකිරීමට අවශ්‍ය විධිවිධාන යොදා ඇති බව වව්නියාව ගොවිජන සේවා සහකාර කොමසාරිස් කාර්යාලය සදහන් කළා.
මාස්කන්නයේ වී වගාව සාර්ථක වුවහොත් ඊළග කන්නයේ ද ඒ අයුරින්ම වී වගා කිරීම සැළසුම් බවයි ගොවි සංවිධාන පවසන්නේ.
The post වව්නියාව දිස්ත්‍රික්කයේ හෙක්ටාර තිස්පන් දහසක වී වගා කිරීමට පියවර appeared first on ITN News.
Post a Comment