ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහන යටතේ සංවර්ධන අවශ්‍යතා හදුනා ගනිමින් විසදුම් ලබාදීමේ වැඩසටහන් ගණනාවක් දිවයිනේ විවිධ ප්‍රදේශවලදී පැවැත්වුණා.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ වැඩසටහන යටෙත් විශේෂ රැස්වීමක් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ජනතා ගැටලු රැසකට කඩිනම් විසදුම් ලබාදීමට අමාත්‍යවරයා මෙහිදී පියවර ගත්තා. ග්‍රාමීය පාසල්වල පවතින ගුරු පුරප්පාඩු නිරාකරණය කිරීමට ද මෙහිදී අමාත්‍යවරයා මැදිහත් වුණා.
ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහනේ රත්නපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටුව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. රත්නපුර දිස්ත්‍රික්කය විශේෂිත සංචාරක කලාපයක් බවට පත් කිරීම හා කැලණිවැලි දුම්රිය මාර්ගය රත්නපුර දක්වා දීර්ඝ කිරීම ඇතුලු කරුණු රැසක් මෙහිදී සාකච්ඡාවට බදුන් කෙරුණා. මැණික් කර්මාන්තයේ මෙන්ම සුළු අපනයන භෝග වගාවේ නිරත ජනතාව මුහුණ පාන ගැටලු සම්බන්ධයෙන් ද අවධානය යොමු වූ අතර ගැටලු රැසකට කඩිනම් විසදුම් ලබාදීමටද හැකිවුණා.
ගාල්ල දිස්ත්‍රික් ජීවනෝපාය සංවර්ධන කමිටු රැස්වීම පැවැත්වුණේ අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික්කයේ පවතින සංවර්ධන ගැටලු කිහිපයක් මෙහිදී සාකච්ඡාවට බදුන් වුණා. විදුලිබලය, ගංවතුර පාලනය, මහාමාර්ග ඇතුලු කේෂ්ත්‍ර රැසක ගැටලු පිළිබද මෙහිදී අවධානය යොමු වුණා.
The post ගාල්ල දිස්ත්‍රික් ජීවනෝපාය සංවර්ධන කමිටු රැස්වීම අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් appeared first on ITN News.
Post a Comment