වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටි රැඳවියෙකු නීත්‍යානුකූල නොවන ආකාරයට මුදා හැරීම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් තුන් දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.
කූඨ ලේඛණ සකස් කිරීමේ චෝදනාව මත බන්ධනාගාරගත කර සිටි අයෙකු පසුගිය 25 වනදා නිත්‍යානුකූල නොවන ආකාරයට මුදා හැර ඇති බවටයි අදාළ නිලධාරීන්ට චෝදනා එල්ල වන්නේ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් සිදුකළ විනය පරීක්ෂණයට අදාළව බන්ධනාගාර ජේරල්වරුන් දෙදෙනෙකු සහ නියාමකවරයෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක හා කොමසාරිස් පාලන චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළා. එම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තු මට්ටමෙන්ද පරීක්ෂණයක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
The post නීත්‍යානුකූල නොවන ලෙස රැඳවියෙකු මුදාහැරීම සම්බන්ධයෙන් නිලධාරීන් තුන් දෙනෙකුගේ වැඩ තහනම් appeared first on ITN News.
Post a Comment